Posts

Duality of Daemon Targaryen

Image
ඩේමන් ටාගේරියන් දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ මගේ personally  කැමතිම කැරැක්ට එක. ඩේමන් කලු සුදු මිශ්‍ර ඒ කියන්නෙ grey චරිතයක් විදියට වෙස්ට්‍රොස්වල කූප්‍රකටයි. GRRMගෙන් ඉන්ටවීව් එකකදි ඔහුගෙ කැමතිම ටාගෙරියන්වරයා විදියට හදුන්වන්නෙ "The Rogue Prince" ඩේමන් ටාගෙරියන්ව. HOTD සිරීස් එකේ දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ ඩේමන් සම්බන්ධ හැම සිද්ධියකදිම වගේ දකින්න පුලුවන් දෙයක් තමයි ඔහුගේ මේ කලු සුදු මිශ්‍රණය, එකම කාසියෙ දෙපැත්ත, Duality එක. City Watch, Gold Cloaks army එක පාවිච්චි කරල Judge, Jury and Executioner තුනම තමන් වෙලා King's Landingවල අපරාධකරුවන්ට දඩුවම් දීම ගත්තොත්, මෙතනදි ඩේමන්ගෙ අරමුණ ඇත්තටම හොද එකක් නමුත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔහු තෝරගත්ත මාර්ගය කලු එකක්. එක පැත්තකින් ඔහු  රජුගේ තරගාවලියට රාජධානිය වටෙන්ම එන අමුත්තන්ගෙ ආරක්ෂාව ගැන හිතපු වීරයෙක් අනිත් පැත්තෙන් තමන්ගෙ හිතුමතේට සාමාන්‍ය මිනිස්සුන්ව අබ්බගාතයන් කරන, මරන දාමරිකයෙක්. ආයෙ වැදගත් සිද්ධියක් තමයි එමා රැජිනගෙ සහ බේලොන් කුමාරයගෙ මරණවලට ඩේමන් පෙන්නන ද්විත්ව හැසිරීම. මුල ඉදන්ම අපිට දකින්න පුලුවන් ඩේමන් සහ රෙනේරා අතර තියන විශේෂ ලෙන්...

Copium

Image
Lately I've stopped having emotions.  I think I've lose the ability to feel emotions. Except for one or two emotions, there's nothing. It's better this way than having emotions and having to express them and deal with them.  I've been an emotional person years back until the rational thinking kicked in. Still there was lot of emotions going on until last week or so. Even though I'm more of a materialist I've always believed in destiny in my own way. I don't feel or understand love but I believe in something called true love, something pure, something beyond our comprehension. I don't know if these destiny and true love actually exist at all. I don't even feel numb, emotionally nor physically. I'm healthy, I have a healthy amount of sleep, I do my studies. I virtually have no problem at all when I think about it. Still, I wonder, Is not having emotions a problem? What is it so much about emotions anyway. Does having emotions make us human. A...

Interstellar, Tesseract සහ දෛවය

Image
Interstellar ෆිල්ම් එකේ තිය න ටිකක් සංකීර්ණ වගේම ෆිල්ම් එකෙ කතාවට ඉතාම වැදගත් දෙයක් තමයි මේ tesseract එක. කූපර් කලු කුහරය හරහා ගිහින් එක පාරටම නවතින මර්ෆ්ගෙ කාමරයෙ සිද්ධි වලින් වටවුන cube එක වගෙ දෙය තමයි මේ  ටෙසරැක්ට් එක කියල හදුන්වන්නෙ.  කතාවට අනුව මේක හදල තියෙන්නෙ පස්මාන ජීවීන් කට්ටියක් විසින්. මනුෂ්‍ය වර්ගයාව වදවීමෙන් බේරගන්න ජීවය පවත්වාගෙන යන්න පුලුවන් අලුත් ලෝකයක් හොයාගන්න උදව්වෙන විදියට  සෙනසුරු ග්‍රහලෝකෙට ආසන්නයෙ වෝම් හෝල් එකක් හදන්නෙත් මේ කට්ටියම තමා. මනුෂ්‍ය වර්ගයා අලුත් ලෝකෙකට ගෙනියන  වැඩපිළිවෙළේ පලවෙනි පියවර තමා වෝම්හෝල් එක. වෝම්හෝල් එකෙන් විශ්වයෙ වෙනම තැනකට, අලුත් සෞරග්‍රහ මණ්ඩලයකට කූපර් ඇතුලු කට්ටියව අරන් යනවා. ඒ වැඩපිළිවෙළේම එක පියවරක් තමයි කූපර් සහ ටෙසරැක්ට් එක. කූපර්ව මේ ටෙසරැක්ට් එකට දාන එකෙ අරමුණ තමා කූපර්ට මේ ගමන එන්න මුල උන නාසා එකේ කෝඩිනේට්ස් ඔහුට ලැබෙන්න සලස්වන එක.  මේ සිද්ධිය හරියට අර ග්‍රෑන්ඩ්ෆාද පැරඩොක්ස් එක වගේ. කූපර් මේ ටෙසරැක්ට් එක හරහා ගිහින් කෝඩිනේට්ස් යවන නිසා තමයි කොහොමෙන් කොහොම හරි කූපර් ඒ කෝඩිනේට්ස් යවන්න ටෙසරැක්‍ට් එකට එන්...

Interstellar ගැන පොඩ්ඩක්

Image
  Best Sci fi oat overrated තමයි ඒත මං හිතන්නෙ මේක තමා හොදම එක කියල. මේක Science Fiction එකකට වඩා Science documentary එකක් මම හිතන විදියට. Hawkingගෙ A Brief History Of Time පොත බේස් කරන් හදපු Science Documentary එකක්.මේකත් එක්ක compare වෙන මේක copy කරා කියන 2001:ASO එක නම් Science 'Fiction' එකක්. ඒක බොහෝවිට Film එකක් විදියට Interstellar එකට ඉස්සරහින් ඇති. ඒත් Interstellar තරම් Accurate, Interesting,Science Fiction කියන වචන දෙකෙන් හදුන්වන Genre එකේ Science කියන වචනෙට සාධාරණයක් කරපු 'Science' Fiction film එකක් තවත් නැතුව ඇති. මේකෙ Drama කෑල්ල අයින් කරල අර 'Love is the one thing we're capable of perceiving that transcends dimensions of time and space' එක එහෙම අයින් කරල ගත්තම මේක තරම් Well-Developed,Interesting,Revolutionary අර මං කිව්ව විදියට 'Science Documentary' එකක් නැතුව ඇති. හැබැයි ඉතින් මේක හොදම එක කියල කියන්න ලොකු හේතුවක් වෙන Accuracy එක අපේ දැනට හොයාගෙන තියන දැනුමට සාපේක්ශයි නේහ්. අපි දැනට දන්න දේවලින් ගත්තොත් Interstellar ගොඩක් 'ඇත්ත'...

The Myth of Sisyphus

Image
සිසිපස්ගේ කතාව සිසිපස් කියන්නෙ මනුස්සයෙක්, දෙවිවරු ගැන කතා තියන ග් ‍ රීක මිතොලොජියෙ ඉන්න විෂේශ මනුස්සයෙක්. සිසිපස් ග් ‍ රීක මිතොලොජියෙ එන එප් ‍ රියා කියන රාජ් ‍ යයෙ නිර්මාතෘ සහ පාලකයා, රජතුමා. එප් ‍ රියාව සශ් ‍ රීක රාජ් ‍ යයක් වගේම සිසපස් හොද පාලකයෙක් නමුත් තරමක් උඩගු නොහිකුමුණු කෙනෙක් මේ රජතුමාගෙ විෂේශම ලක්ශණය තමයි ඔහුගෙ බුද්ධිය සහ බුද්ධියටත් එහා ගිය කපටිකම. හෝමර්ගෙ ඉලියඩ්වල සිසිපස්ව ලෝකෙ ඉදපු කපටිම මනුස්සයා විදියට හදුන්වනවා. කොටින්ම කිව්වොත් ග් ‍ රීක දෙවිවරු පවා රවට්ටපු නූල් සූත්තරකාරයෙක්. එක පාරක් ‌නෙවෙයි දෙපාරක්ම දෙවිවරුන්ව රවට්ටපු මනුස්සයෙක්. ඒකම තමයි සිසිපස් ග් ‍ රීක මිතොලොජියෙ ඉන්න විෂේශ මනුස්සයෙක් වෙන්නෙ. සිසිපස් රජුගෙ උඩගු කම නිසා මෙයා පුරුද්දක් විදියට එප් ‍ රියාවට එන අමුත්තන්ව මරන්න පුරුදු වෙලා හිටියා. අමුත්තන්ව මරන එක විනෝදයට කරන දෙයක් වෙලා තිබුණෙ. ආගන්තුක සත්කාරය කියන්නෙ දෙවිවරු පවා ඉහලින්ම සලකපු දෙයක්. සිසිපස් මේ ආගන්තුකයන්ට කරන වැ‌‌‌‌ඩේ ගැන කාලයක් යද්දි දෙවිවරුන්ටත් ආරංචි වෙනවා කොටින්ම දෙවිවරුන්ගෙ පියා වුන සියුස් පවා සිසිපස් ගැන ඇහැ ගහගෙන හිටියෙ. සිසිපස් තමන්ගෙ සහෝදරය එක්...

ගොන් කතාවක්

Image
ජීවිතයක ගාන කීයද ? නිවුස් හෙඩ්ලයින්ස් කීපයක කෑලි කීපයක් "බිළිදෙකුත් ජීවිතක්ෂයට" "වටිනා තරුණ ජීවිත බිලිගත්.." "අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසු විය" "රටක් හඩවමින් .... ඇතා අවසන් ගමන්..." ජීවිතයක වටිනාකම තීරණය කරන්නෙ කවුද? එක ජීවිතයකට වඩා තවත් ජීවිතය වටිනාවද? ජීවිතයක වටිනාකම තීරණය වෙන සාධකය මොකක්ද? වයසද ? මාස දෙකක බිළිඳක්ගෙ ජීවිතයද අවුරුදු 18ක කොල්ලෙක්ගෙ ජීවිතයද ? අවුරුදු 18ක කොල්ලෙක්ගෙ ජීවිතයද අවුරුදු 86ක මහල්ලෙක්ගෙ ජීවිතයද? ශ්‍රම ශක්තියද? කෘෂ්ණ ළමයෙක්ගෙ ජීවිතයද අබ්බගාත ළමයෙක්ගෙ ජීවිතයද? කෘෂ්ණ තරුණයෙක්ගෙ ජීවිතයද හැඩිදැඩි තරුණයෙක්ගෙ ජීවිතයද? බුද්ධි මට්ටමද? ගැඩවිලෙකුගෙ ජීවිතයද බල්ලෙක්ගෙ ජීවිතයද? බල්ලෙක්ගෙ ජීවිතයද අලියෙකුගෙ ජීවිතයද? අලියෙකුගෙ ජීවිතයද අලි වදින ගමක ඉන්න මනුස්සයෙකුගෙ ජීවිතයද? තරාතිරමද? කඩලකාරයෙක්ගෙ ජීවිතයද බිස්නස්මන්කෙනෙක්ගෙ ජීවිතයද? බිස්නස්මන්කෙනෙක්ගෙ ජීවිතයද ජනාධිපති කෙනෙක්ගෙ ජීවිතයද? මතකයන්ද? කඩේ මුදලාලිගේ ජීවිතයද නලුවෙක්ගෙ ජීවිතයද? නලුවෙකුගෙ ජීවිතයද ගායකයෙකුගෙ ජීවිතයද? ජීවිතය වටිනවා කියන්නෙ ඇයි? ජීවිතයට වටිනාකමක් තියෙ...

The Lighthouse (2019)

Image
මම මෑතකදි බලපු Mythological Symbols ගොඩක් තිබ්බ Film එකක් ගැන පොඩි පැහැදිලි කිරීමක්/ Explanation එකක්. සරලව මේකට Mythological Symbols Breakdown එක්ක කියල කියන්නම්. හරි දැන් කතාවට ආවොත් මම මේ කිව්ව Film එක තමයි The Lighthouse කලින් ලිපියකත් මම මේක ගැන කිව්වා. මේක Robert Eggers කියන අධ් ‍ යක්ෂවරයාගෙ දෙවනි Film එක විදියට ගිය අවුරුද්දෙ (2019) නිකුත් වුනේ. එයාගෙ පලවෙනි Film එක The Witch/The VVitch වගේම වෙනස් විදියක අත්දැකීමක් දෙන Psycological Horror ගනයට වැටෙන Film එකක් තමයි The Lighthouse. මේකෙ චරිත දෙකයි ඉන්නෙ Willem Dafoe විසින් නිරූපණය කරන Thomas Wake සහ Robert Pattinson විසින් නිරූපණය කරන Ephraim Winslow. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ Film එක බලපු නැති කෙනෙක් නම් ඉතින් මෙතනින් පහලට කියවන්න එපා.ඒ වගේම අනිවාර්යෙන්ම මේ Film එක බලන්නත් අමතක කරන්නෙපා. කොහොම උනත් මේක Film එකේ review එකක්වත් සම්පූර්ණම කතාවෙ Explanation එකක්වත් නෙවෙයි. කලින් කිව්ව ව‌ගේ මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ Film එකේ තිබ්බ Mythological Symbols ගැන පොඩි Explanation/Breakdown එකක් දෙන්න. මුලින්ම කතාවෙ plot එක සරලව ම...