Interstellar ගැන පොඩ්ඩක්





 Best Sci fi oat

overrated තමයි ඒත මං හිතන්නෙ මේක තමා හොදම එක කියල. මේක Science Fiction එකකට වඩා Science documentary එකක් මම හිතන විදියට. Hawkingගෙ A Brief History Of Time පොත බේස් කරන් හදපු Science Documentary එකක්.මේකත් එක්ක compare වෙන මේක copy කරා කියන 2001:ASO එක නම් Science 'Fiction' එකක්. ඒක බොහෝවිට Film එකක් විදියට Interstellar එකට ඉස්සරහින් ඇති. ඒත් Interstellar තරම් Accurate, Interesting,Science Fiction කියන වචන දෙකෙන් හදුන්වන Genre එකේ Science කියන වචනෙට සාධාරණයක් කරපු 'Science' Fiction film එකක් තවත් නැතුව ඇති.


මේකෙ Drama කෑල්ල අයින් කරල අර 'Love is the one thing we're capable of perceiving that transcends dimensions of time and space' එක එහෙම අයින් කරල ගත්තම මේක තරම් Well-Developed,Interesting,Revolutionary අර මං කිව්ව විදියට 'Science Documentary' එකක් නැතුව ඇති. හැබැයි ඉතින් මේක හොදම එක කියල කියන්න ලොකු හේතුවක් වෙන Accuracy එක අපේ දැනට හොයාගෙන තියන දැනුමට සාපේක්ශයි නේහ්. අපි දැනට දන්න දේවලින් ගත්තොත් Interstellar ගොඩක් 'ඇත්ත'ට ලගයි ASO එකට වඩා. හැබැයි තව අවුරුදු 100 කට පස්සෙ අපේ ලග ඒ වෙද්දි තියන දැනුමට සාපේක්ශව බැලුවොත් සමහර විට ASO එක Interstellar එකටත් වඩා 'ඇත්ත'ට ලග වෙන්න පුලුවන් 😛 ඒක තමා කියන්නෙ Scienceතුයි Fictionයි අතර තියෙන්නෙ කෙස්ගහක වෙනසක් කියල :3 Fiction තමා කවදහරි Science වෙන්නෙ. ඒ නිසා කාගෙහරි Fiction එකක් දිහා බලලා හිනා වෙන්න එපා මේක තනි බොරුවක් කියල මොකද කවදහරි දවසක ඒ Fiction එක Science වුනාම Science කියල ඉගන ගන්න වෙන්නෙ අර හිනා වුන Fiction එකම තමා :3 අන්තිම ටික නිකන් කිව්වෙ..

Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Happy birthday අයින්ස්ටයින්!

Wouldn't want to live in a world without sports