The Lighthouse (2019)



මම මෑතකදි බලපු Mythological Symbols ගොඩක් තිබ්බ Film එකක් ගැන පොඩි පැහැදිලි කිරීමක්/ Explanation එකක්.

සරලව මේකට Mythological Symbols Breakdown එක්ක කියල කියන්නම්.
හරි දැන් කතාවට ආවොත් මම මේ කිව්ව Film එක තමයි The Lighthouse කලින් ලිපියකත් මම මේක ගැන කිව්වා.
මේක Robert Eggers කියන අධ්යක්ෂවරයාගෙ දෙවනි Film එක විදියට ගිය අවුරුද්දෙ (2019) නිකුත් වුනේ.
එයාගෙ පලවෙනි Film එක The Witch/The VVitch වගේම වෙනස් විදියක අත්දැකීමක් දෙන Psycological Horror ගනයට වැටෙන Film එකක් තමයි The Lighthouse.
මේකෙ චරිත දෙකයි ඉන්නෙ Willem Dafoe විසින් නිරූපණය කරන Thomas Wake සහ Robert Pattinson විසින් නිරූපණය කරන Ephraim Winslow.
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ Film එක බලපු නැති කෙනෙක් නම් ඉතින් මෙතනින් පහලට කියවන්න එපා.ඒ වගේම අනිවාර්යෙන්ම මේ Film එක බලන්නත් අමතක කරන්නෙපා.
කොහොම උනත් මේක Film එකේ review එකක්වත් සම්පූර්ණම කතාවෙ Explanation එකක්වත් නෙවෙයි.
කලින් කිව්ව ව‌ගේ මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ Film එකේ තිබ්බ Mythological Symbols ගැන පොඩි Explanation/Breakdown එකක් දෙන්න.
මුලින්ම කතාවෙ plot එක සරලව මතක් කරන්නම්.
Ephraim සහ Thomas කියන දෙන්නා ගල්වලින් පිරුණ පාලු දූපතක තියන Lighthouse එකකට එනවා සති හතරක
අලුත්වැඩියා මුරයක්/maintenance shift එකක් කරන්න. Thomas කලින් ඉදලම මේ Lighthouse එකේ ප්රධානියා විදියට වැඩ කරපු ටිකක් දුෂ්ට ගතිගුණ තියන වයසක පුද්ගලයෙක් අනිත් පැත්තෙන් Ephraim කියන්නෙ පලවෙනි වතාවට මේකෙ වැඩ කරන්න ආපු තරුණ කඩවසම් ටිකක් මුරණ්ඩු කෙනෙක්.මේ Lighthouse එකේ කලින් හිටපු සහයකට පිස්සු හැදිලා අයින් උන නිසා ඒ වෙනුවට තමයි මේ Ephraim අලුතින් සහයක විදියට එන්නෙ.ඔක්කොම අමාරු වැඩ ටික Ephraimට බාරදීල Thomas කරන්නෙ මේ Lighthouse එකේ light එක බලා ගන්න එක.
හැබැයි Ephraimට මේ light එකට ලංවෙන්නවත් ඉඩ දෙන්නෙ නැහැ.
මේ ඉන්න අතරෙ එක එක අත්භූත දේවලුත් සිද්ධ වෙනවා.මුලින් ලොකු සම්බන්ධයක් නොතිබුණත් දවසින් දවස දෙන්නා ටිකෙන් ටික අදුර ගන්නවා.එකට කනවා බොනවා විහිලු කරගන්නවා බැණගන්නවා ගහගන්නවා ආයෙ යාලු වෙනවා.හැබැයි වැඩේ බරපතල වෙන්නෙ සති හතරකට පස්සෙ දෙන්නව ගන්න එන බෝට්ටුව මග හැරුණයින් පස්සෙ.දෙන්නා හොදටම බොනවා.ටිකෙන් ටික හොද සිහිය නැති වෙනවා දෙන්න‌ගෙ.කුණාටුවක් ඇවිත් මුලු Lighthouseඑකම ගලනවා.දෙන්නා අතර බැණගැනීමුත් වැඩි වෙනවා.Ephraim තමන්ගෙ ඇත්ත නම Ephraim නෙවෙයි Thomas, Ephraim කියන කෙනාව මරලා එයාගෙ අනන්යතාව අරගත්තා කියල පාපොච්චාරණය කරනවා.Ephraim වැඩ කරනවා හරි නැහැ පඩිය ගෙවන්න එපා වගේ දේවල් ලියපු ලොග් පොතක් හම්බෙනවා.Ephraim ඒ තරහට Thomas(ප්රධානියා) ට හොදටම ගහලා පණපිටින් වලලන්නත් හදලා අවසානෙ පොරවකින් ගහලා මරණවා.ඒ එක්කම දවස් ගානක් කුතුහලයෙන් බලන්න ඉදපු Lighthouse එකේ light එක බලන්න යනවා Ephraim.ඒ light එකේ දැක්ක මොකක් හරි දෙයක් නිසා මෙයාට මොනවද වෙලා Lighthouse එකේ උඩඉදන් පහලට එනකන් පඩිපෙල දිගේ පෙරලි පෙරලි ඇදගෙන වැටිලා කකුලකුත් බිදෙනවා.
Ephraim පණඅදිමින් බිම දිගාවෙලා ඉද්දි මුහුදු ලිහිණියො මෙයාව පණපිටින් කෑල්ලෙන් කෑල්ල කන දර්ශනයකින් Film එක අවසන් වෙනවා.
මේ ඔක්කොම බලන් ඉදපු අපිට මේ මොන මගුලක්ද යකෝ මන් බැලුවෙ වගේ feeling එකක් එන එක සාධාරණයි ඉතින්. xD
මේක එක එක්කෙනාට තමන් කැමති විදියකට ‌තේරුම් ගන්න පුලුවන් Film එකක් කිව්වොත් හරි.සරලව මතුපිටින් තියන කතාව සරලව පාලු දූපතක හිරවුණ Lighthouse Keepersලා දෙන්නෙක් පිස්සු හැදෙනකන් බීලා මරාගන්න එක.
නමුත් Film එ‌කේ යටි අර්ථය කියව ගන්නනම් මේකෙ එන Mythological Symbols ටික තේරුම් ගන්න ඕන කියලයි මං හිතන්නෙ. Greek Mythologyයේ එන චරිත සහ සිදුවීම් තමයි Film එ‌කේ ගොඩක් දකින්න ලැබෙන්නෙ.
ඒ Symbols එකින් එක මෙතන ඉදන් පැහැදිලි කරන්නම්.
පලවෙනිම දේ තමයි මේ චරිත දෙක Thomas Wake සහ Ephraim Winslow.
Proteus කියන්නෙ Greek Mythologyයේ එන අනාවැකි කීමට ප්රසිද්ධ මුල් යුගයේ මුහුදු දෙවි කෙනෙක්.මෙයා කලින් ලිපිවලින් කතා කරපු මුහුදට අධිපති දෙවි පොසයිඩන්ගෙ දරුවෙක්.මෙයාව Old Man of the Sea කියලත් හදුන්වනවා.මෙයා ලොකු දැනුමක් තිබ්බ පරණ මත විශ්වාස කරපු පරණ තාලෙ කෙනෙක්.ඒ වගේම ඒ දැනුම වෙන කෙනෙක් එක්ක ‌බෙදාගන්න එහෙම කැමති නැති දුෂ්ට ගතිගුණ තිබුණ කෙනෙක් තමයි Proteus කියන්නෙ.
මුහුදු ලිහිණියන් තුල මැරුණ නාවිකයන්ගෙ ආත්ම තියනවා උන්ව මැරුවොත් ශාප වෙනවා වගේ ප්රවාද විශ්වාස කරපු,දුෂ්ට ගතිගුණ තිබුණ විතරක් නෙවේ Ephraimට ශාප කරද්දි Ephraim මැරෙණ විදිය ගැන කලින් හරියටම අනාවැකියකුත් කියපු Thomas Wakeගෙන් සංකෙත්වත් වෙන්නෙ මේ Proteus කියන ග්රීක දෙවිවරයාව.


අනිත් පැත්තෙන් Ephraim Winslowගෙන් නිරූපණය වෙන්නෙ Prometheus කියන ටයිටන්වරයාගෙ චරිතය.
ප්රොමිතියස් ගැනත් කලින් ලිපිවල සදහන් කලා.ඔහු දෙවන පරම්පරාවෙ ටයිටන්වරයෙක්.ප්රොමිතියස් Greek Mytholgyයෙ එන විදියට කඩවසම්,ශක්තිමත්,කපටි වගේම මුරණ්ඩු කෙනෙක්.ටයිටන්වරයෙක් උනත් දෙවියන් අතරම වාසය කරපු ප්රොමිතියස් සම්බන්ධව තියන ගොඩක් ප්රස්ද්ධම කතාවක් තමයි මැටිවලින් මිනිසාව නිර්මාණය කිරීම සහ සියුස්ට අකීකරුව දෙවිවරුන්ගෙ ගින්න සොරකම් කර එය මිනිස්සුන්ට තෑගි කිරීම සම්බන්ධව තියන කතාව.මේ කතාවත් The Lighthouse Film එකේ සංකේතාත්මකව නිරූපණය කරලා තියනවා.
ඒ මේ විදියට,
ප්රොමිතියස් සියුස්ට අකීකරු වෙලා දෙවිවරුන් වාසය කරපු ඔලිම්පස් කන්ද තරණය කරලා ඔහුට තහනම් කරපු දෙවිවරුන්ගෙ ගින්න සොරකම් කරනවා.
Ephraim Thomasට අකීකරු වෙලා ඔහුව මරලා Lighthouse එකේ උඩට නැගලා ඔහුට තහනම් කරලා තිබුණ ඒ light එක දිහා තදින් බලා ඉන්නවා.අල්ලනවා.
Film එකේ Ephraimගෙන් ප්රොමිතියස් නිරූපණය උනත් Thomas ගෙන් නිරූපණය වෙන්නෙ සියුස් නෙවෙයි Proteus නමුත් Proteus කියන්නෙත් දෙවිකෙනෙක්.
කලින් ලිපිවල කිව්වා මේ Mythologyවල එන ගොඩක් සිද්ධි චරිතවලින් නිරූපණය වෙන්නෙ උපමාවක්,සංකේතයක් කියන එක.
මෙතනදි ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි මේ කතාවෙ එන දෙවිවරුන්ගෙ ගින්න,ගින්නෙන් නිරූපණය වෙන්නෙ දැනුම කියන එක.ගින්න එහෙමත් නැත්නම් ආලෝකය(light) යන්නේ literal අදහස තමයි enlightenment නැත්නම් අව‌බෝධ වීම,දැනුම්සම්පන්නවීම."බුද්ධත්වය" වචනයට අදාල ඉංග්රීසි වචනයත් මේ enlightenment කියන වචනයමනි.
මේ සංකේතාත්මක තේරුම ගත්තොත් ප්රොමිතියස් භෞතිකව තියන ගින්නක් නෙවෙයි මේ කතාවෙදි හොරකම් කරලා මනුෂ්යන්ට තෑගි කරන්නෙ.දැනුම නැත්නම් සත්යය තමයි මේ ප්රොමිතියස් මනුෂ්යන්ට තෑගි කරන්නෙ.
ආයෙ Film එකට ආවොත් Ephraim Lighthouse එකේ light එක ඇල්ලුවම මේ Black & White Film එකේ අදුරුබව Ephraim මූණට වැටෙන light එකේ ආලෝකය නිසා නැතිවෙලා යනවා දකින්න පුලුවන්.
Film එක Black & White වීම නිසාම මේ light එකේ ප්රභලත්වය හොදට දකින්න පුලුවන්.


කලින් කියපු විදියට මේ light එකෙන් නිරූපණය වෙන්නෙ ගින්න නැත්නම් දැනුම.
මේ light එක දිහා බැලුවම Ephraimගෙ මූණෙන් ලොකු සැනසීමක්,සතුටක් එක්ක තවත් හැගීම් රාශියක් පිරිච්ච expression එකක් දැකගන්න පුලුවන්. විශේෂයෙන් මෙතනදි Robert Pattinson ඔහුගේ මූණෙන් දෙන ඒ expression එක අති විශිෂ්ඨයි.
ඉන්පස්සෙ Ephraim light එක ඇල්ලුවහම මේ expression එක තවත් තීව්ර වෙනාවා.
ඒ ලොකු සැනසීමක්,සතුටක්,දුකක්,බයක් මිශ්ර උන ඒ expression එක හරියට සත්යාව‌බෝධ වුනා නැත්නම් සියලුම දැනුම එකපාර අවබෝධවුනා වගේ expression එකක්.මේ expression එකෙන් අර ගින්න නැත්නම් light එකෙන් දෙන සංකේතාත්මක අදහස දැනුම,අව‌බෝධවීම ලස්සනට නිරූපණය වෙනවා.


මේ ගින්න සොරකම් කරපු එකට ප්
රොමිතියස්ට ලැබෙන දඩුවම තමයි සදාකාලිකව ගලකන්දකට බැදලා පණපිටින් ඉද්දි උකුස්සො ඇවිත් ඇගේ කොටසින් කොටස කෑම.මේ උකුස්සො කන කොටස ආයෙ ඊලග දවස වෙද්දි හැදෙනවා කියල තමයි සදහන් වෙන්නෙ.ඒ විදියට ප්රොමිතියස් මේ ගින්න සොරකම් කරපු එකට සදාකාලිකව දඩුවවම් විදිනවා.
Film එකේ අවසාන දර්ශනයෙන් දකින්න ලැබෙන විදියට Ephraimට අත්වෙන්නෙත් ප්රොමිතියස්ට අත්වුණ ඉරණමමයි.වෙනස තියෙන්නෙ ප්රොමිතියස්ව කන්නෙ උකුස්සො උනාට Ephraimව කන්නෙ Film එක පුරාවට ඉදපු මුහුදු ලිහිණියො විසින්.


මීට අමතරව Film එක පුරාවට තවත් එක Mythological Symbols බලාගන්න පුලුවන්.
මෙතනදි මම සම්පූර්ණ Film එකම පැහැදිලි කරන්න ගියේ නැහැ.කලින් කිව්වා වගේ මේකෙ එන Mythological Symbols ටික තමයි ප්රධාන වශයෙන් පැහැදිලි කරේ.

Comments

Popular posts from this blog

Happy birthday අයින්ස්ටයින්!

Wouldn't want to live in a world without sports