Duality of Daemon Targaryen
ඩේමන් ටාගේරියන් දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ මගේ personally කැමතිම කැරැක්ට එක. ඩේමන් කලු සුදු මිශ්‍ර ඒ කියන්නෙ grey චරිතයක් විදියට වෙස්ට්‍රොස්වල කූප්‍රකටයි.
GRRMගෙන් ඉන්ටවීව් එකකදි ඔහුගෙ කැමතිම ටාගෙරියන්වරයා විදියට හදුන්වන්නෙ "The Rogue Prince" ඩේමන් ටාගෙරියන්ව.
HOTD සිරීස් එකේ දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ ඩේමන් සම්බන්ධ හැම සිද්ධියකදිම වගේ දකින්න පුලුවන් දෙයක් තමයි ඔහුගේ මේ කලු සුදු මිශ්‍රණය, එකම කාසියෙ දෙපැත්ත, Duality එක.
City Watch, Gold Cloaks army එක පාවිච්චි කරල Judge, Jury and Executioner තුනම තමන් වෙලා King's Landingවල අපරාධකරුවන්ට දඩුවම් දීම ගත්තොත්, මෙතනදි ඩේමන්ගෙ අරමුණ ඇත්තටම හොද එකක් නමුත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔහු තෝරගත්ත මාර්ගය කලු එකක්. එක පැත්තකින් ඔහු රජුගේ තරගාවලියට රාජධානිය වටෙන්ම එන අමුත්තන්ගෙ ආරක්ෂාව ගැන හිතපු වීරයෙක් අනිත් පැත්තෙන් තමන්ගෙ හිතුමතේට සාමාන්‍ය මිනිස්සුන්ව අබ්බගාතයන් කරන, මරන දාමරිකයෙක්.
ආයෙ වැදගත් සිද්ධියක් තමයි එමා රැජිනගෙ සහ බේලොන් කුමාරයගෙ මරණවලට ඩේමන් පෙන්නන ද්විත්ව හැසිරීම.
මුල ඉදන්ම අපිට දකින්න පුලුවන් ඩේමන් සහ රෙනේරා අතර තියන විශේෂ ලෙන්ගතුකම. ඒක තවදුරටත් පෙන්නමින් තමාගෙ අම්මාගෙ සහ සහෝදරයාගෙ චිතකවලට ගිනිදල්වන්න රෙනේරට සිද්ධ වෙන අවස්ථාවෙ රෙනේරව සනසවන්නෙ ඩේමන්. මොන දේ උනත් ඩේමන් තමන්ගෙ පවුල ගැන සංවේදි ගෞරවාන්විත මනුස්සයෙක් කියල පෙන්නන අවස්ථාවක් මේක. නමුත් අනිත් පැත්තට "Heir for a Day" බේලොන්ගෙ මරණය නැත්නම් නැවතත් තමන් Iron Throne එකට අසහාය උරුමක්කාරයා වීම සමරන්න සාදයක් පවත්වනවා ආයෙත් ඔහුගෙ දුෂ්ටත්වය, අශිෂ්ටත්වය පිලිබිඹු කරමින්.
ඩේමන් පැහැරගනිපු මකර බිත්තරය සහ Draganstone බලකොටුව නැවත අත්පත් කරගන්න ඔටො හයිටව' ඇතුලු පිරිසට එරෙහිව අසිපත් උස්සල රජුට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන්න ඩේමන් දෙපාරක් හිතන්නෙ නැහැ. ඒ ඔටෝ අහන විදියටම ඩේමන්ගෙ උමතුබව පෙන්නමින්. නමුත් රෙනේරා ඇවිත් ඇයව මරලා ආයෙත් රජුගේ එකම උරුමක්කාරයා වෙන්න කීවම ඩේමන් බිත්තරය දීල පසුබහින්නෙ අර උමතුවෙ අනිත් පැත්තෙ ඉන්න ලෙන්ගතු මනුස්සයව මතක් කරල දෙමින්.
තමන්ගෙ වංශවත් බිරිද small council එක ඉදිරිපිටදි ඔටොට පාවාදීලා අශිෂ්ට විදියට අපහස කරපු ඩේමන් තමන්ගෙ අනියම් ගණිකාව ගැන තියන ආදරේ තනතුරු නම්බුනාම වලට එහා ගිය එකක් කියල ගෞරවනීය විදියට කියන්නෙත් ඔටොටමයි.
තවත් ඩේමන්ගෙ දෙබිඩියාව පෙන්නන තැනක් තමයි ඩ්‍රැගන්ස්ටෝන් බලකොටුව ඇතුලෙදි මිසාරියා එක්ක වෙන කතාබහෙදි ඔහු කියනවා විවාහයෙන් පස්සෙ ඔවුන් දෙන්නගෙ ළමයෙක් හදන්න පුලුවන් වෙයි කියල හැබැයි මිසාරියා ඇයට කවදාවත් ගැබ්ගන්න බැහැ කිව්වම ඩේමන් ඊලඟ මොහොතේ ළමයින් ගැන සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වනවා ළමයි කියන්නෙ වධකාර ජීවීන් කොට්ඨාසයක් කියලා.
දෙවෙනි එපිසෝඩ් එක අවසානෙදි ඩේමන් සහ කෝර්ලිස් අතර ඇතිවන කතාබහෙදි ඩේමන් ඔහුගෙ සහෝදරයා, රජු විසේරිස්ට අපහස කරනවා නමුත් කෝර්ලිස් රජුට බනිද්දි ඩේමන් ඔහුට තර්ජනය කරනවා. මෙතනදි ආයෙ ආයෙත් පෙන්නනවා මොන දේ උනත් ඩේමන් තමන්ගෙ පවුලට ලෙන්ගතු කුමාරයෙක් කියලා.
ඩේමන්ගෙ මේ අන්ත දෙකෙන් එකක් ඔහුගෙ සැබෑ ස්වරූපය අනික බොරු රගපෑමක් කියල වෙන් කරන්න බැහැ. මේ කලු සුදු අන්ත දෙකම ඩේමන්ගෙ ඇත්ත ස්වරූපය එකම කාසියක දෙපැත්ත වගේ.
කෙනෙකුට ඩේමන්ව ආදරණීය ගෞරවනීය වීරයෙක් වෙද්දි තවත් කෙනෙකුට ජීවිතේ දැක්ක කුරිරුම අදමම දුෂ්ටයා වෙන්න පුලුවන්.
ඩේමන් ගැන තියන ප්‍රසිද්ධ කතාවක් තමයි දෙවියො ඩේමන් ඉපදෙද්දි එක පැත්තක ශ්‍රේෂ්ඨත්වයත් අනිත් පැත්තෙ උමතුවත් තියන කාසියක් උඩ දැම්මලු ඒ කාසිය තාමත් බිම වැටුනෙ නැහැ ලු.
ඩේමන්ට රගපාන Matt Smith ඉන්ටවීව් එකකදි ඩේමන්ව හදුන්වා දෙන්න කිව්වම කියන්නෙ මේ කාසිය උඩ දාපු දෙවියා පිස්සු වැටුනා කියලා.
The Rogue Prince ඩේමන් ටාගේරියන් වීර, දුෂ්ට කාසියෙ දෙපැත්තම නිරූපණය කරන විදිය ඉස්සරහට තවදුරටත් බලාගන්න පුලුවන් වෙයි.
Comments
Post a Comment