ගොන් කතාවක්
ජීවිතයක ගාන කීයද ?
නිවුස් හෙඩ්ලයින්ස් කීපයක කෑලි කීපයක්
"බිළිදෙකුත් ජීවිතක්ෂයට"
"වටිනා තරුණ ජීවිත බිලිගත්.."
"අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසු විය"
"රටක් හඩවමින් .... ඇතා අවසන් ගමන්..."
ජීවිතයක වටිනාකම තීරණය කරන්නෙ කවුද?
එක ජීවිතයකට වඩා තවත් ජීවිතය වටිනාවද?
ජීවිතයක වටිනාකම තීරණය වෙන සාධකය මොකක්ද?
වයසද ?
මාස දෙකක බිළිඳක්ගෙ ජීවිතයද අවුරුදු 18ක කොල්ලෙක්ගෙ ජීවිතයද ?
අවුරුදු 18ක කොල්ලෙක්ගෙ ජීවිතයද අවුරුදු 86ක මහල්ලෙක්ගෙ ජීවිතයද?
ශ්‍රම ශක්තියද?
කෘෂ්ණ ළමයෙක්ගෙ ජීවිතයද අබ්බගාත ළමයෙක්ගෙ ජීවිතයද?
කෘෂ්ණ තරුණයෙක්ගෙ ජීවිතයද හැඩිදැඩි තරුණයෙක්ගෙ ජීවිතයද?
බුද්ධි මට්ටමද?
ගැඩවිලෙකුගෙ ජීවිතයද බල්ලෙක්ගෙ ජීවිතයද?
බල්ලෙක්ගෙ ජීවිතයද අලියෙකුගෙ ජීවිතයද?
අලියෙකුගෙ ජීවිතයද අලි වදින ගමක ඉන්න මනුස්සයෙකුගෙ ජීවිතයද?
තරාතිරමද?
කඩලකාරයෙක්ගෙ ජීවිතයද බිස්නස්මන්කෙනෙක්ගෙ ජීවිතයද?
බිස්නස්මන්කෙනෙක්ගෙ ජීවිතයද ජනාධිපති කෙනෙක්ගෙ ජීවිතයද?
මතකයන්ද?
කඩේ මුදලාලිගේ ජීවිතයද නලුවෙක්ගෙ ජීවිතයද?
නලුවෙකුගෙ ජීවිතයද ගායකයෙකුගෙ ජීවිතයද?
ජීවිතය වටිනවා කියන්නෙ ඇයි?
ජීවිතයට වටිනාකමක් තියෙන්නේ හැමකෙනෙකුටම එකපාරක් ලැබෙන දෙයක් නිසාද?
හැමෝටම තියන දෙයක් වෙලත් ජීවිතයට එහෙම විෂේශ වටිනකමක් තියෙන්නේ ඇයි?
ජීවිතයක් ට්‍රේඩ් කරන්න බැරි මිල කරන්න බැරි නිසාද?
ජීවිතයක් ට්‍රේඩ් කරන්න බැරි වටිනකමක් නැති නිසාද?
ජීවිතයක ගාන කීයද?
0
ReplyDelete