The Myth of Sisyphus
සිසිපස් කියන්නෙ මනුස්සයෙක්, දෙවිවරු ගැන කතා තියන ග්රීක මිතොලොජියෙ ඉන්න විෂේශ මනුස්සයෙක්.
සිසිපස් ග්රීක මිතොලොජියෙ එන එප්රියා කියන රාජ්යයෙ නිර්මාතෘ සහ පාලකයා, රජතුමා.
එප්රියාව සශ්රීක රාජ්යයක් වගේම සිසපස් හොද පාලකයෙක් නමුත් තරමක් උඩගු නොහිකුමුණු කෙනෙක් මේ රජතුමාගෙ විෂේශම ලක්ශණය තමයි ඔහුගෙ බුද්ධිය සහ බුද්ධියටත් එහා ගිය කපටිකම.
හෝමර්ගෙ ඉලියඩ්වල සිසිපස්ව ලෝකෙ ඉදපු කපටිම මනුස්සයා විදියට හදුන්වනවා. කොටින්ම කිව්වොත් ග්රීක දෙවිවරු පවා රවට්ටපු නූල් සූත්තරකාරයෙක්. එක පාරක් නෙවෙයි දෙපාරක්ම දෙවිවරුන්ව රවට්ටපු මනුස්සයෙක්.
ඒකම තමයි සිසිපස් ග්රීක මිතොලොජියෙ ඉන්න විෂේශ මනුස්සයෙක් වෙන්නෙ.
සිසිපස් රජුගෙ උඩගු කම නිසා මෙයා පුරුද්දක් විදියට එප්රියාවට එන අමුත්තන්ව මරන්න පුරුදු වෙලා හිටියා. අමුත්තන්ව මරන එක විනෝදයට කරන දෙයක් වෙලා තිබුණෙ.
ආගන්තුක සත්කාරය කියන්නෙ දෙවිවරු පවා ඉහලින්ම සලකපු දෙයක්. සිසිපස් මේ ආගන්තුකයන්ට කරන වැඩේ ගැන කාලයක් යද්දි දෙවිවරුන්ටත් ආරංචි වෙනවා කොටින්ම දෙවිවරුන්ගෙ පියා වුන සියුස් පවා සිසිපස් ගැන ඇහැ ගහගෙන හිටියෙ.
සිසිපස් තමන්ගෙ සහෝදරය එක්ක තිබ්බ ඉරිසියාව නිසා ඔහුව මරන්න සහෝදරගෙ බිරිඳ එක්ක කුමන්ත්රණයක් කරනවා නමුත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ කොහොම හරි මේක සිසිපස්ට දඩුවම් කරන්න බලන් ඉදපු සියුස්ට හොද අවස්ථාවක් සියුස්ට සිසිපස් එක්ක පෞද්ගලික ප්රශ්නෙකුත් තිබිල තියෙනවා. එක වතාවක් සියුස් ගංගාවලට අධිපති දෙවියා උන එසොපස්ගෙ දුවව පැහැරගෙන ගිහින් හංගගෙන ඉද්දි එසොපස් තමන්ගෙ දුවව හොයහොයා යද්දි එප්රියාවලට ආපු වෙලේ මේ සිද්ධිය දැනගෙන ඉදපු සිසිපස් එසොප්ට විස්තරේ කියල සියුස් දුවව හංගපු තැනත් කියනවා. කරපු උදව්වට සන්තෝසමක් විදියට එසොප්ස් එප්රියා හරහා ගලා යන ලස්සන දියපාරක් හදල දීල තියනවා. නමුත් සියුස් මේ සිද්ධියත් එක්ක තවත් සිසිපස් එක්ක වෛර බැදගන්නවා. ඔය තරහත් ආගන්තුකයින්ට සලකපු විදිය ගැන තිබ්බ තරහටත් පලිගන්න බලාගෙන ඉදපු සියුස්ට සිසිපස් මේ තමන්ගෙ සහෝදරයාවම මරන්න කුමන්ත්රණ කරල අහුවුන එක ලොකු අවස්ථාවක. ඒ අනුව සියුස් සිසිපස්ව ටාටරස්වලට එහෙම නැත්නම් අපායට නියම කරනවා.
මරණය/මාරයගෙ මනුෂ්ය ස්වරූපය වුන තැනටොස්ට සියුස් නියම කරනවා ඔහුගෙ දම්වැල්වලින් සිසිපස්ව අපායෙ හිරකරන්න කියල. කියපු විදියට සිසිපස්ට දඩුවම් කරන්න ගියපු තැනටොස්ව කතාවට අල්ලගත්තු සිසිපස් තැනටොස්ගෙන් ඔහුගේ දම්වැල වැඩ කරන්නෙ කොහොමද කියල අහගෙන ක්ෂණිකව තැනටොස්ගෙ දම්වැල්වලින් ඔහුවම හිර කරනවා. තැනටොස්ව එහෙම නැත්නම් මාරයාව හිර කරපු නිසා ලෝකයේ මිනිස්සු මැරෙන එක නවතිනව ඒ නිසා ලෝකයම අවුල ජාලයක් වෙනවා. මිනිස්සු නොමැරෙන එක යුද්ධයට අධිපති දෙවියා උන ඒරිස්ට ලොකු ප්රශ්නයක් වෙනව මොකද ඔහුගෙ යුද්ධයවල මිනිස්සු මැරෙන්නෙ නැති නිසා. ඒරිස් හිරකරල ඉදපු තැනටොස්ව හොයාගෙන් ඔහුව නිදහස් කරල ලෝකෙ ආපහු යථා තත්ත්වයට පත් කරනවා. සිසිපස් තමන්ගේ මරණෙන් බේරෙනවා. මේ තමයි සිසිපස් දෙවිවරුන්වත් රවට්ටලා මරණයට වංචා කරපු පළවෙනි අවස්ථාව.
වයසත් එක්ක මරණයට ලංවුන සිසිපස් ඔහුගෙ බිරිඳ මෙරොපිට කියනව ඔහු මැරුනට පස්සෙ මිනිය නිකන්ම ගගට විසි කරන්න කියල. සිසිපස් මැරෙනව ඒ වගෙම ඔහු කියපු විදියට මෙරොපි මිනිය විසි කරනවා. මැරිල ටාටරස් අපායට ගිය සිසිපස් අපායට අධිපති දෙවියා හේඩිස්ගෙ බිරිඳ අපායට අධිපති දෙවගන පොසෙෆනිව මුණගැහෙනවා. පොසෙෆනිට පැමිණිලි කරනවා තමන්ගේ බිරිඳ තමන්ට අගෞරව කරල තමන්ට චාරිත්රානුකූල අවමංගල්යයක් දෙන්නෙ නැතුව නිකන්ම මිනිය ගගට විසි කරල කියල. සිසිපස්ගෙ පැමිණිල්ල අහපු පොසෙෆනි ඔහුට අවස්ථාව දෙනව නැවතත් ජීවතුන් අතරට ගිහින් බිරිඳ කරපු වැඩේට පලිගන්න. නමුත් පලිඅරගත්තට පස්සෙ නැවතත් ටාටරස්වලට එන්න ඕන කියන කොන්දේසිය යටතේ. තමන්ගේ බිරිඳගෙන් තමන්ට කරපු අගෞරවයට පලිය අරගෙන් ආයෙත් අපායට එනව කියල පොරොන්දු උන සිසිපස් නැවත ජීවතුන් අතරට එනව. ආයෙ එප්රියාවට ගියපු සිසිපස් බිරිඳ මෙරොපිට බනිනව කරපු දේට නමුත් පොරොන්දු උන විදියට ආයෙ අපායට යන්නෙ නැහැ. ඒ විදියට සිසිපස් දෙවෙනි වතාවටත් දෙවිවරුන්ව රවට්ටල මරණයට වංචා කරනවා.
මේ සිද්ධිය බලන් ඉදපු සියස්ට ගොඩක් කේන්ති යනව. සියුස් හර්මෙස් කියන දෙවියා ලවා සිසිපස්ව බලෙන්ම ආයෙත් හේඩිස් ගාවට අපායට අරන් යනවා. එක පාරක් නෙවෙයි දෙපාරක්ම දෙවිවරුන්ව රවට්ටපු නිසා සිසිපස්ට සියුස් විසින්ම ලොකු දඩුවමක් නියම කරනවා අනිත් මිනිස්සුන්ටත් ආදර්ශයක් විදියට ආයෙ කවුරුවත් සිසිපස් වගේ රැවටිලිකම් නොකරන්නම. සිසිපස්ට ලැබුණු දඩුවම තමයි විශාල ගලක් කරේ තියාගෙන කන්දක් උඩට ගෙනියන එක නමුත් සියුස් මේ ගලට ඔහුගෙ මායා උපක්රමයක් යොදල තිබුණෙ කන්ද මුදුනට ලංවෙද්දිම නැවත පෙරලිලා බිමටම වැටෙන්න. මේ විදයට සදාකාලිකවම සිසිපස් අර විශාල ගල කන්ද මුදුනට ගෙනියනව නමුත් කවදාවත් මුදුනටම යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් සිසිපස් සදාකාලිකවම මේ දඩුවම විදිනවා. කොච්චර බුද්ධිමත් උනත් කපටි උනත් සියුස්ගෙ බලය ඉදිරියේ ඒ ඔක්කොම නිශ්ඵලයි.
ඒ වගේම මේ සිසිපස්ට ලැබුණු දඩුවම තවත් තැන් ගනනාවකට එක එක විදිහට සම්බන්ධ කරගන්න පුලුවන්. වර්තමානයේ මනුස්සයෙක්ගෙ ජීවිතය ගත්තත් මේ වගේ එකම රවුමක යෑමක් කියල හිතන්න පුලුවන්.
ඊට එහා ගත්තොත් Arthur Schopenhaur වගේ දාර්ශනිකයන් කියන මිනිසා යම්කිසි අරමුණක් කරා ගිහින් ඒ අරමුණ සාර්ථක කරගත්තට පස්සෙ ඊට එහා අරමුණක් වෙනුවෙන් ආයෙත් හඹායන විදිය යම් අරමුණක් සාර්ථක කරගත්තොත් සතුට සැනසීම ලැබෙයි කියල ඒ අරමුණ හබා ගිහින් සාර්ථක කරගත්තට පස්සෙ එයින් බලාපොරොත්තු උන සැනසීම නොලැබීම නිසා ඊට එහා අරමුණක් කරා ආයෙ ආයෙ මැරෙනකන්ම යන මේ චක්රයත් හරියට සිසිපස්ට ලැබුණු දඩුවම වගේ.
කොහොම නමුත් මේ සිසිපස්ගෙ කතාව ග්රීක මිතොලොජියෙ ඉතාමත් ජනප්රියම ප්රසිද්ධ මාධ්යවල නිරන්තරයෙන් කතාවට ලක්වෙන කතාවලින් එකක්.
Comments
Post a Comment