Posts

Wouldn't want to live in a world without sports

Image
  This is why we love sports. Whether it's football, cricket, wrestling, or any other sport, at the end of the day, it's the stories that captivate us. When you think about it, Cody's story is almost as old as his dad. Roman and Seth, a story that started nearly 10 years ago. All these stories coming together at a single point in space and time give us this overwhelming emotional experience—a type of experience that we live for. We've been lucky enough to witness several such stories in our time, such as Leicester City's impossible title run, Messi's ascension to heaven, Sanga & Mahela's redemption, and Real Madrid's UCL reign, among so many other captivating emotional dreamlike stories that some wouldn't even believe if told 50 years from now. Today, yet again, it made me think about how grateful I am to sports for all these unforgettable, once-in-a-lifetime experiences and memories. These stories can reach a place in our hearts that nothing els...

Happy birthday අයින්ස්ටයින්!

Image
මේ සැරේ General relativity course එකට ඕන නිසා Special relativity බලාගෙන යද්දි මට මතක් උන අපේ GR කරපු ලෙකත් කියපු කතාවක් තමයි අපේ මිනිස්සු තාම මේ relativistic idea එක හරියට ඔලුවට දාගෙන නෑ කියනෙක. මොන මොන දේවල් කතා කරත් තාමත් ඔලුවෙ ඇතුලෙන්ම පැලපදියම් වෙලා තියෙන්නෙ  අර absolute space, absolute time එකක් ගැන අදහස. සාමාන්‍යයෙන් physics ගැන උනන්දුවක් තියන මොකක් හරි අදහසක් තියන මිනිස්සු එක්ක කතා කරද්දි උනත් ගොඩක් අයගෙ fundamentally තියන untouchable අදහස තමයි කාලය, අවකාශය නිරපේක්ෂයි කියනෙක.   සමහරවිට අපිට අවුරුදු 13ක් විතර තිස්සෙ උගන්නලා උගන්නලා ඒ නිව්ටෝනියන් ක්ලැසිකල් mindset එක පොඩි කාලෙ ඉදන්  හදපු නිසා වෙන්න ඇති ඒකෙන් එලියට එන්න එච්චර අමාරු. අනික අපේ experience එකෙන් ගත්තත්  අවකාශය කෙසේ වෙතත් කාලය කියන්නෙ untouchable අපිට manipulate කරන්න බැරි මේ නිකන් හෙන අත්භූත sacred දෙයක්නෙ. අයින්ස්ටයින් STRවලින් ගේන්නෙ ප්‍රධාන අදහස් දෙකක්. එකක්, හැම අවස්ථිතික සමුද්දේශ රාමුවකම (ත්වරණය වෙන්නෙ නැති reference frames) හැම භෞතික විද්‍යා නියමයක්ම සත්‍යයි. දෙවනි එක ආලෝකයේ ප්‍රවේගය නියතයක් ක...

ලප්ලාස්ගේ යක්ශයා

Image
 Physicsවල ප්‍රධාන වශයෙන් framework දෙකක් තියනවා, Classical Mechanics  සහ Quantum Mechanics. ක්ලැසිකල් මෙකැනික්ස්වල මූලිකම පදනම විදියට නිව්ටෝනියන් මෙකැනික්ස් ගන්න පුලුවන්. එතනින් එහාට ලග්‍රාන්ජියන් මෙකැනික්ස්, හැමිල්ටෝනියන් මෙකැනික්ස් වලිනුත් ක්ලැසිකල් සිස්ටම්ස් ගැන කතා කරනවා. අධික වේගයන් වලට යද්දි විශේෂ සාපේක්ෂතාවදයත් අධික ස්කන්ධයන් වලට යද්දි සාමාන්‍ය සාපේක්ෂතාවදයත් පාවිච්චි කරනවා. මේ ඔක්කොම ක්ලැසිකල් මෙකැනික්ස් ෆ්‍රේම්වර්ක් එක ඇතුලෙ තමයි පැහැදිලි කරන්නෙ.  ක්ලැසිකල් මෙකැනික්ස්වල ප්‍රධානම අදහස තමයි ඕනම පද්ධතියක යම් මොහොතක පිහිටීම, ප්‍රවේගය, ගම්‍යතාව වගේ රාශීන් සහ ඒ පද්ධතිය මත ක්‍රියාකරන බලයන් දන්නව නම් අපිට පුලුවන් ඊලග මොහොතෙ ඒ පද්ධතියෙ පිහිටීම, ප්‍රවේගය වගේ රාශීන් ගණනය කරන්න. එහෙම ගණනය කරන්න අවශ්‍ය වෙන සිද්ධාන්ත, නීති මේ එක එක වාදවලින් දීලා තියනවා.  යම්කිසි අංශුවක මේ මොහොතේ ප්‍රවේගය, පිහිටීම එක්ක ඒ මත ක්‍රියාකරන බලයන් දීලා තියනව නම් අපිට පුලුවන් ඊලග මොහොතේ නැත්නම් තව තප්පර 5කින් ඒ අංශුවෙ පිහිටීම හරියටම ගණනය කරලා කියන්න. ඒ එක අංශුවක. දැන් මුලු විශ්වයම ගැන හිතුවොත් වි...

මයිකල් බෙවන්

Image
 මයිකල් බෙවන් කියල මුලින්ම ඇහුනෙ අර දීප්ති පින්ටො එක්ක කරපු ඉන්ටවීව් එකෙදි. විකට් යද්දි අල්ලන් ඉන්න බෙවන් වගේ මෙන්ටැලිටි එකක් තියන ප්ලේයර්ස්ලා හදන්නෝන වගෙ කතාවක් කිව්වෙ ඒකෙ. සාමාන්‍යයෙන් අහල නැති නමක් නිසා ඒක ටිකක් මතක හිටියා ඒත් මන් හිතුවෙම 80 ගනන් වල වගේ හිටපු ඉංග්ලිශ්කාරයෙක් වගේ වෙන්නැති කියල ඒක එහෙම්ම ගානක් නැතුව ගියා. ආයෙ මේ දවස්වල ගෙදර මැච් බලද්දි අම්ම එහෙම ඒ කාලේ කියල පටන් ගන්න සුපුරුදු නොස්ටැල්ජික් පම්පෝරිය ගහද්දි හැමදාම කියන අහල පුරුදු නම් සෙට් එක ස්ටීව් වෝ, මාක් වෝ, වෝන්, පොන්ටින් (එලු රැව්ලක් තිබ්බෙ කියද්දි නම් මල පනිනව මොකද මන් දැකපු අන්තිම කාලෙ පොන්ටින්ට එහෙම රැවුලක් තිබ්බෙ නෑ ඔය කියන උන්ගෙන් සෙල්ලම් කරනව හරියට දැකපු එකා ඌ විතරයි මන් හොදටම දන්නව කියල හිතන් ඉන්න එකාගෙත් දන්නැති කෑල්ලක් තිබ්බම..), මැක්ග්‍රාත්ට අමතර බෙවන් කියන නමත් කියවුනා. කලිනුත් ඒක ඕන තරම් කියල ඇති ඒත් ගානක් නෑ කොහොමත් දන්න නම් ටික නිසා ලොකුවට අහන් ඉන්නෙත් නෑනෙ. එතකොට තමයි පොර ඔසියෙක් කියල දැන ගත්තෙ. එතකොට නම් මට හෙන අවුල් මොකද අනූගනන්වල අග ඉදලා දෙදාස්ගනන්වල මුල වෙනකන් ඉදපු ඔසී ලෙජන්ඩ් ටීම් එකේ ඔක්කොම ...

Cricket

Image
  ලංකාවෙ ක්‍රිකට්වල තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවෙ අනිත් හැම තැනකම තියන එකම විදියෙ බිදවැටීමක් සමාජ-ආර්ථික බිද වැටීමක්. ලංකාවෙ 99%ම කොල්ලන්ගෙ ජීවීතේම වෙන්වෙලා තියෙන්නෙ අවසාන වශයෙන් එක දේකට නැත්නම් ජීවත් වෙන්නෙම එක දේකට "ගොඩයන්න". ගොඩයන එක සරලව ආර්ථික ස්ථාවරතාවය කියල කියන්න පුලුවන්. පෞද්ගලිකව "ගොඩයන" එක වගේම තමන්ගෙ පවුල "ගොඩදාන" එක තමයි මේ රට 99% තරුණයන්ගෙ ජීවිතේ සාරය. මනුස්සයෙක් විදියට අපිට තියන පරම අරමුණ තමයි මේ "ගොඩයෑම".එක විදියකින් මේක තමන් ඉන්න ජීවන මට්ටමින් මිදිලා ඊට වඩා ඉහල ජීවත් වෙන්න පහසු ජීවන මට්ටමකට පැනීම තමයි ගොඩයෑම කියල අදහස් කරන්නෙ. මේ ගොඩයෑම කරන්න අපිට එක එක මාර්ග පාවිච්චි කරන්න පුලුවන්. එකක් තමයි අධ්‍යාපනය. ඉගෙනගෙන විභාග පාස් වෙලා යම්කිසි පිලිගත් අධ්‍යාපනය මට්ටමක් ලබාගත්තොත් ගොඩයන්න පුලුවන්. හැබැයි මනුස්සයෙක්ගෙ මූලික අයිතිවාසිකමක් වෙන ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනයෙන් පස්සෙ ඉගන ගැනීම නැත්නම් යම් විශයක් ගැන දැනුවත් වීමේ අරමුණ තමන්ගෙ ජීවන මට්ටම (ප්‍රධාන වශයෙන් ආර්ථිකව) උසස් කරගැනීමද?  ක්‍රිකට් ගත්තොත් මේ කියන තරුණ පන්තියට තියන ...

02

Image
  මං කඩේට ගියා රෑට උයන්න බඩු ගේන්න. කඩේ ලග බඩු ගන්න පෝලිමේ ඉද්දි ඇගපත තියන රැවුල ටිකක් වවපු ස්ලිම් ෆිට් ටීශර්ට් එකක් ඇදපු කලු ඩයල් එකක් බයික් එකකින් ඇවිත් නවත්තලා කඩේ එලියෙ හිටපු සීයා කෙනෙක්ට කැප්ටන් පෙට්ටි දෙකක් තිබුණ බෑග් එකක් දීලා සල්ලි වගයක් ගත්තා. මට ඒ පොර ගැන සැකයක් ආවා. ඌ බයික් එකේ නැගලා යන්න ගිහින් ආයෙ ආවා ඇවිල්ලා "මගේ මුරුක්කු පැකට් එක කොහෙද? ඒක කෑවද?" කියලා කෑ ගහලා කඩේ ඇරගෙන ඇතුලට ගිහිල්ලා මුරුක්කු බෝතලේ අරගෙන ඒකෙන් එකක් අරන් කෑවා. ඔය ටික කරන අතරෙ ඌ ශේප් එකේ වටපිට බලබල හිටියෙ. මගේ දිහාත් බැලුවා. මට තේරුනා, ඌ ඇවිල්ලා තියෙන්නෙ මාව මරන්න කියල. ඊට පස්සෙ ඌ මගේ පිටිපස්සට වෙන්න පාරෙ තිබුන බයික් එකට නැග්ගා ටිකක් වෙලා ඉදලා ආයෙ ගියා. ඌ වෙඩි තියන්න හදලා ආයෙ ගියා කියල මට තේරුනා. ඔය අතරෙ කඩේට ආවා මන්, (අවුරුද්දකට විතර කලින් මන්) රුපියල් දාහක් දීලා සිගරට් එකක් ඉල්ලලා සැකෙන් වටපිට බල බල ඉද්දි මන් මගේ දිහා බලාගෙන හිටියෙ මට තේරුනා මේ මන් මැරෙන්න යන්නෙ ඒ මැරෙන මොහොත මගේ අවුරුද්දකට විතර පරන සිද්දියක් එක්ක ඕවලැප් වෙලා කියලා. ඒ මැරෙන මොහොත ලංවෙව්ව නිසා. මං හිත හදා ගන්න ගමන් හිටියෙ, මැරෙ...

Research paper

Image
 There's this research paper I've been reading. I'm so much obsessed with it that, I'm gonna print it and eat it raw and that's not even gonna be enough I need to meet the authors personally and live under their toenails for the rest of my life.