Cricket
ලංකාවෙ ක්‍රිකට්වල තියෙන්නෙ වෙනම ප්‍රශ්නයක් නෙවෙයි ලංකාවෙ අනිත් හැම තැනකම තියන එකම විදියෙ බිදවැටීමක් සමාජ-ආර්ථික බිද වැටීමක්.
ලංකාවෙ 99%ම කොල්ලන්ගෙ ජීවීතේම වෙන්වෙලා තියෙන්නෙ අවසාන වශයෙන් එක දේකට නැත්නම් ජීවත් වෙන්නෙම එක දේකට "ගොඩයන්න". ගොඩයන එක සරලව ආර්ථික ස්ථාවරතාවය කියල කියන්න පුලුවන්. පෞද්ගලිකව "ගොඩයන" එක වගේම තමන්ගෙ පවුල "ගොඩදාන" එක තමයි මේ රට 99% තරුණයන්ගෙ ජීවිතේ සාරය. මනුස්සයෙක් විදියට අපිට තියන පරම අරමුණ තමයි මේ "ගොඩයෑම".එක විදියකින් මේක තමන් ඉන්න ජීවන මට්ටමින් මිදිලා ඊට වඩා ඉහල ජීවත් වෙන්න පහසු ජීවන මට්ටමකට පැනීම තමයි ගොඩයෑම කියල අදහස් කරන්නෙ. මේ ගොඩයෑම කරන්න අපිට එක එක මාර්ග පාවිච්චි කරන්න පුලුවන්. එකක් තමයි අධ්‍යාපනය. ඉගෙනගෙන විභාග පාස් වෙලා යම්කිසි පිලිගත් අධ්‍යාපනය මට්ටමක් ලබාගත්තොත් ගොඩයන්න පුලුවන්. හැබැයි මනුස්සයෙක්ගෙ මූලික අයිතිවාසිකමක් වෙන ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනයෙන් පස්සෙ ඉගන ගැනීම නැත්නම් යම් විශයක් ගැන දැනුවත් වීමේ අරමුණ තමන්ගෙ ජීවන මට්ටම (ප්‍රධාන වශයෙන් ආර්ථිකව) උසස් කරගැනීමද?
ක්‍රිකට් ගත්තොත් මේ කියන තරුණ පන්තියට තියන තවත් ගොඩයෑමේ මාර්ගයක්. යම්කිසි මූලික ආයෝජනයක් කරල ඊට අවශ්‍ය දක්ශතාව සහ කැපවීම වගේ දේවල් (වෙනත් ඕනම මාර්ගයකටත් මේ දේවල් ඊට අදාලව අවශ්‍යයි. ඒකනෙ නිකන් ඉදලා ගොඩයන්න බෑ කියන්නෙ) තියනව නම් ක්‍රිකට් වෘත්තිකයෙක් විදියට තමන්ගෙ ජීවන මට්ටම උසස් කරගන්න පුලුවන්. ලංකාවෙ අනිත් හැමදේකම වගේ ක්‍රිකට් ගහන්නෙත් 99%ක්ම තමන්ගෙ ජීවන මට්ටම ගැන සෑහීමකට පත් නැති ජීවන මට්ටම උසස් කරගැනීම අවසාන පරමාර්ථය කරගත්ත පිරිසක්. එහෙම ක්‍රිකට් වෘත්තිකයෙකුට යන්න පුලුවන් උපරිම මට්ටම තමයි ජාතික කණ්ඩායම නියෝජනය. ඉතින් එයාලා තමන්ගෙ ජීවිතයෙ පරම අරමුණ සාක්ශාත් කරගෙන තමන්ගෙ සහ ආශ්‍රිතයන්ගෙ ජීවනමට්ටම් උපරිම වශයෙන් ඉහලට අරගෙන තියෙන්නෙ. එයාලා තෘප්තිමත් ඒ නිසා එතනින් එහාට ආයෙ අපමණව මහන්සි වෙලා ලගා කරගන්න ඕන දේවල් නැහැ.
මෙහෙම අති බහුතරයක් ජීවන මට්ටම ගැන සෑහීමකට පත් නොවීමේ අර්බුදයක් නැති රටක් ගත්තොත් ඒ රටක ක්‍රීඩකයෙක්ට ක්‍රිකට් ගහල ජීවන මට්ටම ඉහලට ගන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලා ක්‍රීඩා කරන්නෙ ක්‍රීඩාව වෙනුවෙන් එයාලගෙ ජීවිතේ අවසාන අරමුණ ජීවන මට්ටම උසස් කරගැනීමක් නෙවෙයි ආර්ථිකමය අරමුණුවලින් එහාට ගියපු දෙයක්. සරලව සල්ලිවලට ගන්න බැරි දෙයක්. ඒක තමන්ගෙ රට කෙරෙහි තියන ජ්‍යාත්‍යාලය වෙන්න පුලුවන්, නැත්නම් පෞද්ගලිකව තමන්ගෙ නම ඉතිහාසගත කිරීම වගේ දෙයක් වෙන්න පුලුවන්, නැත්නම් ශුද්ධ වශයෙන් ක්‍රීඩා ව කෙරෙහි තියන ආදරය සහ ජයග්‍රහණයේ තියන මිහිරිබවට තියන ආසාව වෙන්න පුලුවන්. මොක උනත් ඒ හැම එකක්ම අර ජීවනමට්ටම උසස් කරගැනීම කියන අරමුණට වඩා එහා ගියපු ඒවා. ඉතින් ලෝක කුසලානයක් වගේ තරගාවලියකදි මේවා තමයි ක්‍රීඩකයන්, කණ්ඩායම් ධාවනය කරන අරමුණු. ඕස්ට්‍රේලියානුවන් ක්‍රීඩා කරන්නෙ ක්‍රිකට් ලෝකයේ ඔවුන්ට තියන මාන්නයත් එක්ක ඔවුන් ලෑස්ති ඒ මාන්නය රැකගන්න ඕනෑම දෙයක් කරන්න. කෝලි,රූට්,බාබර් වගේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නෙ තමන්ව පෞද්ගලිකව වගේම රට, කණ්ඩායම ඉහලට ඔසවන්න. මේ එක එක විදියෙ උසස් අරමුණු එකට හැප්පෙද්දි ඉතාම තරගකාරීයි, උණුසුම්. එහෙම කණ්ඩායම්, ක්‍රීඩකයන් එක්ක ලංකාව වගේ තමන්ගෙ ජීවිතයේ පරම අරමුණ වුන ජීවනමට්ටම පහසු කරගැනීම ලබාගත්ත එතනින් එහා පරමාර්ථ නැති ක්‍රීඩකයන්ට, කණ්ඩායමකට තරග කරනවා කියන්නෙ කරන්න තියා හිතන්නවත් බැරි දෙයක්.
ජීවිතකාලය පුරාම තමන් අතෘප්තිමත් ජීවනමට්ටමක ජීවත් වෙන ජීවිතයෙ පරම අරමුණ ජීවනමට්ටම උසස් කර ගැනීම වුන මිනිස්සු අතිබහුතරයක් ඉන්න රටක් කියන්නෙ ඇත්තටම එක අතකින් දුඛ්කාන්තයක්. වෙනත් රටක කෙනෙක්ට උසස් ජීවනමට්ටමක් කියන්නෙ ගොඩක් ඈත අපහසුවෙන් ලගා කරගත යුතු දෙයක් නෙවෙයි ඉතින් ඔවුන්ගේ ජීවිතය වෙන්වෙලා තියෙන්නෙ ඒ ලගා කරගැනීමට නෙවෙයි එතැනින් පස්සෙ ඇතිවන අරමුණුවලට.
තරගකාරී ක්‍රිකට් කණ්ඩායමක් රට නියෝජනය කරලා ක්‍රීඩා කරවන්න නම්, තමන්ගෙ ජීවනමට්ටම ගැන තෘප්තිමත් ආර්ථිකමය හරි වෙනයම් ක්‍රිකට් ක්‍රීඩාකරලා තෘප්තිමත් කරගන්න පුලුවන් අර්බුද නැති ක්‍රීඩකයන්ට පමණක් ක්‍රිකට්වලට පිවිසෙන්න සීමා කරන්න අවශ්‍යයි නමුත් මෙතැනදී දක්ශතාවන් බොහොමයක් මගහැරෙන්න පුලුවන්.
Comments
Post a Comment