මයිකල් බෙවන්


 මයිකල් බෙවන් කියල මුලින්ම ඇහුනෙ අර දීප්ති පින්ටො එක්ක කරපු ඉන්ටවීව් එකෙදි. විකට් යද්දි අල්ලන් ඉන්න බෙවන් වගේ මෙන්ටැලිටි එකක් තියන ප්ලේයර්ස්ලා හදන්නෝන වගෙ කතාවක් කිව්වෙ ඒකෙ. සාමාන්‍යයෙන් අහල නැති නමක් නිසා ඒක ටිකක් මතක හිටියා ඒත් මන් හිතුවෙම 80 ගනන් වල වගේ හිටපු ඉංග්ලිශ්කාරයෙක් වගේ වෙන්නැති කියල ඒක එහෙම්ම ගානක් නැතුව ගියා. ආයෙ මේ දවස්වල ගෙදර මැච් බලද්දි අම්ම එහෙම ඒ කාලේ කියල පටන් ගන්න සුපුරුදු නොස්ටැල්ජික් පම්පෝරිය ගහද්දි හැමදාම කියන අහල පුරුදු නම් සෙට් එක ස්ටීව් වෝ, මාක් වෝ, වෝන්, පොන්ටින් (එලු රැව්ලක් තිබ්බෙ කියද්දි නම් මල පනිනව මොකද මන් දැකපු අන්තිම කාලෙ පොන්ටින්ට එහෙම රැවුලක් තිබ්බෙ නෑ ඔය කියන උන්ගෙන් සෙල්ලම් කරනව හරියට දැකපු එකා ඌ විතරයි මන් හොදටම දන්නව කියල හිතන් ඉන්න එකාගෙත් දන්නැති කෑල්ලක් තිබ්බම..), මැක්ග්‍රාත්ට අමතර බෙවන් කියන නමත් කියවුනා. කලිනුත් ඒක ඕන තරම් කියල ඇති ඒත් ගානක් නෑ කොහොමත් දන්න නම් ටික නිසා ලොකුවට අහන් ඉන්නෙත් නෑනෙ. එතකොට තමයි පොර ඔසියෙක් කියල දැන ගත්තෙ. එතකොට නම් මට හෙන අවුල් මොකද අනූගනන්වල අග ඉදලා දෙදාස්ගනන්වල මුල වෙනකන් ඉදපු ඔසී ලෙජන්ඩ් ටීම් එකේ ඔක්කොම ගැන වගේ සාමාන්‍යයෙන් දන්නව කියල හිතන් ඉදපු නිසා. නමවත් අහල නැති එකෙක් ඉන්නව කියන්නෙ. ඔහොම යද්දි මේ දවස්වල ක්‍රිකට් සීන් එක්ක යන ෆේස්බුක් පෝස්ට් කීපයකම ඔය නම දැක්කා බලද්දි ඒකාලෙ ක්‍රිකට් බලපු හැමෝම වගේ කොමන් දන්න එකෙක් මයිකල් බෙවන් කියන්නෙ. මේක හරියන්නෑ මං ඔක්කොම වැඩ නවත්තල මයිකල් බෙවන් ගැන ෆුල් රිසච් එකකට බැස්සා. බලද්දි පොර සිරා ඩයල් එකක්. odi ක්‍රිකට්වල ඓතිහාසික ගමන්මග වෙනස් කරපු ක්‍රීඩකයෙක්. මං හිතන්නෙ ඕනම ෆීල්ඩ් එකක GOAT ලෙවල් එකට එන්නෙ ඒ ෆීල්ඩ් එකේ ඓතිහාසික ගමන්මග වෙනස් කරපු අය ඒ අය නැති උනානම් එතනින් එහා ඒ ෆීල්ඩ් එක අපි අද දකින තැන නෙවෙයි තියෙන්නෙ හොදට හෝ නරකට. බෙවන් එහෙම කෙනෙක්. සාමාන්‍යයෙන් ඓතිහාසික ෆිනිශර්ස්ලා කිව්වම දෝනි, අර්ජුන තමයි මේන්ලි ඔලුවට එන්නෙ දෝනි ගැන තමා කොහෙත් කතා වෙන්නෙ ඒ උනාට ඒ රෝල් එක ඉන්වෙන්ට් කරපු බෙවන් මිස් උනේ කොහොමද කියල තාම හිතාගන්න බෑ. ඔසී ලෙජ්න්ඩ්ස්ලා ගැන බලද්දි උනත් හේඩ්න්, JL, වෝ බ්‍රදර්ස්, ගිල්ක්‍රිස්ට්, පොන්ටින්, කැටිච්, සිමන්ඩ්ස්, වෝන්, මැක්ග්‍රාත් ඔය සෙට් එකත් එක්ක බෙවන් කියන නම ඇහිලම නෑ. අපි ආපස්සට හැරිලා බලද්දි ස්ටැට්ස් වලට ලොකු බරක් දෙන නිසාද මංදා ඒ. තව අවුරුදු පනහකින් විතර බලද්දි කෝලි ගැන හැමෝම කතා කරයි ඒක බැක් කරන්න ස්ටැට්ස් ඕනවටත් වඩා තියෙයි. ඩේවිඩ් මිලර් වගේ එකෙක් ගත්තොත් එහෙම ප්ලේයර් කෙනෙක් හිටියා කියලවත් මතකවත් නැතිවෙයි. අපිට මතක තියෙයි. ඒකට කරන්න දෙයක් නෑ ඉතින් ඉට් ඊස් වට් ඉට් ඊස්. ෆේස්බුක් එකෙනුත් සුපුරුදු පරිදි අපේ කරන්ට් ඉන්ටරෙස්ට් වලට අදාලව පෝස්ට් සජෙස්ට් වෙනවනෙ. එහෙම පෝස්ට් එකක් සජෙස්ට් වෙලා තිබ්බා මගේ මයින්ඩ් බ්ලෝ උන ස්ටැට් එකක් වැඩිම දවස් ගානක් odi රෑන්කින්වල නම්බර් වන් ඉදපු ප්ලේයර්ස්ලා ලිස්ට් එක උඩින්ම විව් රිචර්ඩ්ස්(දවස් 1748) දෙවනියා මයිකල් බෙවන් (දවස් 1259). 

සමහරවිට මයිකල් බෙවන්ව මග හැරිච්ච එක මට විතරක් උන දෙයක් වෙන්නැති. ආ තව දෙයක්, ආටිකල් එකක තිබ්බා ඇශ්ටන් ඒග වගේ මයිකල් බෙවන් ශ්‍රීලංකන් ඔරිජින් කියලා. 

කොහොමෙන් කොහොම හරි මේ පාර වර්ල්ඩ් කප් සීසන් එකෙ මට උන වැදගත්ම සිද්ධිය මයිකල් බෙවන්ව ඩිස්කවර් කර ගත්තු එක. (ප්‍රෝටියාස් කප් එක ගත්තෙ නැති උනොත් xD)

Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Happy birthday අයින්ස්ටයින්!

Wouldn't want to live in a world without sports