Happy birthday අයින්ස්ටයින්!


මේ සැරේ General relativity course එකට ඕන නිසා Special relativity බලාගෙන යද්දි මට මතක් උන අපේ GR කරපු ලෙකත් කියපු කතාවක් තමයි අපේ මිනිස්සු තාම මේ relativistic idea එක හරියට ඔලුවට දාගෙන නෑ කියනෙක. මොන මොන දේවල් කතා කරත් තාමත් ඔලුවෙ ඇතුලෙන්ම පැලපදියම් වෙලා තියෙන්නෙ  අර absolute space, absolute time එකක් ගැන අදහස. සාමාන්‍යයෙන් physics ගැන උනන්දුවක් තියන මොකක් හරි අදහසක් තියන මිනිස්සු එක්ක කතා කරද්දි උනත් ගොඩක් අයගෙ fundamentally තියන untouchable අදහස තමයි කාලය, අවකාශය නිරපේක්ෂයි කියනෙක.

 
සමහරවිට අපිට අවුරුදු 13ක් විතර තිස්සෙ උගන්නලා උගන්නලා ඒ නිව්ටෝනියන් ක්ලැසිකල් mindset එක පොඩි කාලෙ ඉදන්  හදපු නිසා වෙන්න ඇති ඒකෙන් එලියට එන්න එච්චර අමාරු. අනික අපේ experience එකෙන් ගත්තත්  අවකාශය කෙසේ වෙතත් කාලය කියන්නෙ untouchable අපිට manipulate කරන්න බැරි මේ නිකන් හෙන අත්භූත sacred දෙයක්නෙ.


අයින්ස්ටයින් STRවලින් ගේන්නෙ ප්‍රධාන අදහස් දෙකක්. එකක්, හැම අවස්ථිතික සමුද්දේශ රාමුවකම (ත්වරණය වෙන්නෙ නැති reference frames) හැම භෞතික විද්‍යා නියමයක්ම සත්‍යයි. දෙවනි එක ආලෝකයේ ප්‍රවේගය නියතයක් කියනෙක. දෙවනි එක එතකොට තවත් භෞතික විද්‍යා නියමයක්නෙ. ඒක පලවෙනි අදහසට දැම්මොත් කියන්න පුලුවන් හැම අවස්ථිතික සමුද්දේශ රාමුවකම ආලෝකයේ ප්‍රවේගය නියතයක් කියලා. ඕක තමා STRවල සරලම අදහස, බැලූ බැල්මට අවුලක් නෑ.

 
දැන් ඕකට අර හැමෝම දන්න කෝච්චියෙ උදාහරණෙ දැම්මොත්. නියත ප්‍රවේගයෙන් යන කෝච්චියක් තියනවා ඒක ඇතුලෙ නිරීක්ශකයෙක් ඉන්නවා ඇතුලෙ තියන light source එකකින් light beam එකක් පිට කරනවා ඇතුලෙ ඉන්න නිරීක්ෂකයට පේනවා ඒ beam එක ආලෝකයේ ප්‍රවේගයෙන් යනවා. අව්ලක් නෑ. හැබැයි කෝච්චියට එලියෙන් පාර අයිනෙ ඉන්න නිරීක්ෂකයෙක් ඕක දිහා බැලුවොත් ඌට පෙන්න ඕන light beam එක ආලෝකයේ ප්‍රවේගය + කෝච්චියේ ප්‍රවේගය, ප්‍රවේගයෙන් යනවා වගේනෙ. 

කෝච්චිය කියන්නෙ එක අවස්ථිතික සමුද්දේශ රාමුවක් ඒක ඇතුලෙ එක නිරික්ෂකයෙක් ඉන්නවා. එලියෙ ඉන්න නිරික්ෂකයා ඉන්නෙ නිශ්චල  අවස්ථිතික සමුද්දේශ රාමුවක. දැන් ප්‍රශ්නෙ රාමු දෙකකදි ආලෝකයේ ප්‍රවේගය අගයන් දෙකක්. අයින්ස්ටයින් කියන විදියට එහෙම වෙන්න බෑ. ඒ නිසා ආලෝකයේ ප්‍රවේගය බේරගන්න time dilation සහ length contraction කියන දෙක එනවා. එක්කො කෝච්චිය ඇතුලෙ කෙනාට කාලය හෙමින් ගලන්නෙ කෝච්චියෙන් එලියෙ ඉන්න කෙනාට වඩා, නැත්නම් කෝච්චිය ඇතුලෙ කෙනාට පේන light beam එක ගමන් කරපු දුරට වඩා, එලියෙ කෙනාට ඒ light beam එක ගමන් කරපු දුර කෙටි වෙලා පේන්නෙ. මේ දෙකෙන්ම කොහොම හරි කරන්නෙ රාමු දෙකේම ආලෝකයේ ප්‍රවේගය එක අගයක් කරනෙක. එතකොට STR බේරෙනවා. හැබැයි ප්‍රශ්නෙ මේ කොහෙවත් තියන ආලෝකයේ ප්‍රවේගය කියන නියතය බේරගන්න ශිෂ්ටාචාරය පටන් ගත්ත කාලෙ ඉදන් absolute, නියතයි, නිරපේක්ෂයි කියල හිතපු අවකාශය සහ කාලය බල්ලට දානෙක. මොකද ආලෝකයේ ප්‍රවේගය නියතව තියාගන්න ගෙනාපු time dilation, length contraction අනුව රාමු දෙකක දෙන්නෙක්ට තියෙන්නෙ කාලයන් දෙකක් ඒ වගේම දුර නැත්නම් අවකාශය ගැනත් දෙන්නට තියෙන්නෙ මිනුම් දෙකක්. 

අවුරුදු දාස් ගානක් තිස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව common sense වගේ තිබ්බ අවකාශයේ සහ කාලයේ නිරපේක්ෂත්වය, එහෙම නෙවෙයි වැරදියි කියනව නම් ඒ කෙනා එක්කො පිස්සෙක් වෙන්නෝන නැත්නම් ඇල්බට් අයින්ස්ටයින් වෙන්නෝන. ඉතින් අයින්ස්ටයින් 1905දි STR ඉදිරිපත් කරලා භෞතික විද්‍යාව ඇතුලෙ පිලිගන්න තවත් අවුරුදු 10ක් 15ක් ගියපු එකේ අවුරුදු 120කට විතර පස්සෙ තාමත් අපේ අයට ඒ relativistic space, time අදහස ඔලුවට දාගන්න බැරි එක සාධාරණයි එක අතකින්. 

මේ සිද්ධියෙ මම දකින වැදගත්ම දේ තමයි අයින්ස්ටයින් ඒ ගත්ත risk එක, gamble එක, ඒකෙ බැරෑරුම්බව, ඒ leap of faith එක. මම හිතන්නෙ ඒ වගේ risk එකක්, gamble එකක් ගන්න පුලුවන් වීමේ හැකියාව තමයි මේ අයින්ස්ටයින් වගේ මිනිස්සුන්ගෙ තියන greatness එක, විශිෂ්ඨත්වය. භෞතික විද්‍යාවෙ විතරක් නෙවේ ඕනම ක්ශෙත්‍රයක මානව ශිෂ්ටාචාරය ඉස්සරහ, ඊලඟ අඩියට අරගෙන ගියපු ශ්‍රේෂ්ඨ මිනිස්සු හැමෝම කොහෙදිම හරි මේ වගේ සාමාන්‍ය මනුස්සයෙක් ගන්නෙ නැති risk එක, gamble එක අරගෙන ඇති. ඉතින් අපි ජීවත් වෙන මේ පොඩි කාලෙ ඇතුලත risk එකක්, gamble එකක් ගන්න එක්කො පිස්සෙක් වෙයි නැත්නම් මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන ශ්‍රේෂ්ඨයෙක් වෙයි.

ආ මේක ලිව්වට පස්සෙ දැක්කෙ, ඒ අස්සෙ අද අයින්ස්ටයින්ගෙ 145 වෙනි birthday එක. Happy birthday අයින්ස්ටයින්!

Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Wouldn't want to live in a world without sports