02

 


මං කඩේට ගියා රෑට උයන්න බඩු ගේන්න. කඩේ ලග බඩු ගන්න පෝලිමේ ඉද්දි ඇගපත තියන රැවුල ටිකක් වවපු ස්ලිම් ෆිට් ටීශර්ට් එකක් ඇදපු කලු ඩයල් එකක් බයික් එකකින් ඇවිත් නවත්තලා කඩේ එලියෙ හිටපු සීයා කෙනෙක්ට කැප්ටන් පෙට්ටි දෙකක් තිබුණ බෑග් එකක් දීලා සල්ලි වගයක් ගත්තා. මට ඒ පොර ගැන සැකයක් ආවා. ඌ බයික් එකේ නැගලා යන්න ගිහින් ආයෙ ආවා ඇවිල්ලා "මගේ මුරුක්කු පැකට් එක කොහෙද? ඒක කෑවද?" කියලා කෑ ගහලා කඩේ ඇරගෙන ඇතුලට ගිහිල්ලා මුරුක්කු බෝතලේ අරගෙන ඒකෙන් එකක් අරන් කෑවා. ඔය ටික කරන අතරෙ ඌ ශේප් එකේ වටපිට බලබල හිටියෙ. මගේ දිහාත් බැලුවා. මට තේරුනා, ඌ ඇවිල්ලා තියෙන්නෙ මාව මරන්න කියල. ඊට පස්සෙ ඌ මගේ පිටිපස්සට වෙන්න පාරෙ තිබුන බයික් එකට නැග්ගා ටිකක් වෙලා ඉදලා ආයෙ ගියා. ඌ වෙඩි තියන්න හදලා ආයෙ ගියා කියල මට තේරුනා. ඔය අතරෙ කඩේට ආවා මන්, (අවුරුද්දකට විතර කලින් මන්) රුපියල් දාහක් දීලා සිගරට් එකක් ඉල්ලලා සැකෙන් වටපිට බල බල ඉද්දි මන් මගේ දිහා බලාගෙන හිටියෙ මට තේරුනා මේ මන් මැරෙන්න යන්නෙ ඒ මැරෙන මොහොත මගේ අවුරුද්දකට විතර පරන සිද්දියක් එක්ක ඕවලැප් වෙලා කියලා. ඒ මැරෙන මොහොත ලංවෙව්ව නිසා. මං හිත හදා ගන්න ගමන් හිටියෙ, මැරෙන්න. ඊලගට ටිකක් වයස 40-50 විතර මනුස්සයෙක් ආවා. මට තේරුනා ඒ අවුරුදු 15-20කට පස්සෙ මම කියලා. මන් හිත හදා ගත්තා. අරූගේ බයික් එකේ සද්දෙ ඇහුනා ආයෙ කඩේ පැත්තට එන. මං එතකොට ටික ටික ඇස් පියාගෙන එන ගමන්. ඌ මාව පහු කරන් පොඩි දුරකින් තියන  වතුසුදු මල් ගහ ගාව නවත්තලා තත්පර කීපයක් යද්දි සද්දයක් ආවා ඒ එක්කම මගේ ඔලුව පුපුරලා ගියා.

Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Happy birthday අයින්ස්ටයින්!

Wouldn't want to live in a world without sports