Tyrion Targaryen??


 

ටිරියන් කියන්නෙ ටාගේරියන් කෙනෙක්ද??
මේ තියරිය ලියන්න හේතුව මගේ ෆේවරිට්ම කැරැක්ටර් එක ගැන තියන වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩි ගොඩක් ෆේමස් තියරියක් වීම..
හරි මුලින්ම බලමු දැනට කීදෙනෙක් ඩ්රැගන් කෙනෙක්ව අතින් අල්ලල තියනවද කියල..තුන්දෙනයිනෙ,
1.ඩැනී
2.ජෝන්
3.ටිරියන්
මීට අමතරව ශෝ එක පුරාවට ඩ්රැගන් කෙනෙක් අතින් අල්ලපු කිසි කෙනෙක් නැහැ...පලවෙනි දෙන්නම ඒ කියන්නෙ ඩැනී සහ ජෝන් දෙන්නම ටාගේරියන්ල කියල දැන හැමෝම දන්නවනෙ.
ඒ දෙන්නම dragonblood තියන අය ඒ නිසා මකරෙක්ව අල්ලන්න වගේම ride කරන්නත් ඒ දෙන්නටම අවස්ථාව/පුලුවන්කම තියනව..
ඒත් තුන් වෙනිය ටිරියන් ලැනිස්ටර් කෙනෙක් (අපි දන්න තරමින්) ඩ්රැගන් කෙනෙක්ව අල්ලපු dragonblood නැති එකම කෙනා??
අපි දන්නවනෙ ටිරියන් කියවල තියන පොත්වලට අනුව මකරු කියන්නෙ බුද්ධිමත් සත්තු ජාතියක් සමහර මේස්ටර්ස්ලට අනුව මිනිස්සුන්ටත් වඩා බුද්ධිමත් සත්තු ජාතියක්..
ඉතින් ඩ්රැගන් කෙනෙක් dragonblood නැති කෙනෙක්ට අල්ලන්න තියා ලගට එන්නවත් දෙයිද..හැබැයි ටිරියන් විසේරිස් සහ රේගාර් ලගට ගිහින් කතා කරල අතින් අල්ලල උන් දෙන්නව දම්වැල්වලින්
ගලවනව..මේ ඔක්කොම දේවල් කරනකන් උන් දෙන්නා නිකන් හිටියෙ ටිරියන්ට dragonblood තියන නිසාද???
දැන් යමු මෑඩ් කිංගෙ කාලෙට ටීවී සීරීස් එකේ සදහන් නොවුනත් පොතේ සදහන් වෙනව මැඩ් කින්ග් ඒරිස් සහ ජොඇන්නා ලැනිස්ටර් අතර අනියම් සම්බන්ධයක් තිබුන කියල..
ජොඇන්නා කියන්නෙ ටයිවින්ගෙ බිරිද වගේම ටිරියන්ට උපත දීල මිය ගිය ටිරියන්ගෙ අම්මා..
ටිරියන් කියන්නෙ අර ඒරිස් සහ ජොඇන්නා අතර සම්බන්ධයේ ප්රතිඵලයක්ද??
ඒහෙම නම් ටිරියන්ට dragonblood තියනව වෙන්න පුලුවන් එමෙහ වුනොත් මකරු ටිරියන්ට හීල වුනේ මොකද කියන එක හරියටම පැහැදිලි වෙනව..
අනිත් දේ ටයිවින්ගෙ අවසාන වාක්ය "you never been a son of mine" තියන එකත් මැරෙද්දි නිකන්ම තරහට කියපු වාක්යක් පමණක්ම නොවී ඒකටත් ලොකු තේරුමක් එනවා..
තව දෙයක් වෙනව ඒරිස්ගෙ truebornලගෙන් ඉතිරි වෙලා ඉන්නෙ බාලම දරුව වන ඩැනේරිස් විතරයි..
නමුත් ජෝන් කියන්නෙ ඒරිස් උරුමක්කාරයා රේගාර්ගෙ ජීවත්වෙලා ඉන්න එකම ළමය නිසා ඩැනීට වඩා throne එකට අයිතියක් ජෝන්ට (හරියට කිව්වොත් ඒගොන් ටාගෙරියන්ට) තියනව..
නමුත් දැන් තියන ඇත්තම ප්රශ්නෙ කාටද throne එකට වැඩිම අයිතියක් තියෙන්නෙ කියන එක නෙවෙයි..දැන් තියන ඇත්තම ප්රශ්නෙ livings සහ deads අතර ප්රශ්නෙ..මොනව වුනත් ඒ ප්රශ්නෙ තමා මූලිකම ප්රශ්නෙ දැනට තියන..
ඒක සාකච්ඡා මාර්ගයෙන් විසදගන්න පුලුවන් ප්රශ්නයක් නෙවෙයි අපි දන්න තරමින් මොකද අඩුගානෙ අපි තාම දන්නෙ නැහැ නයිට් කින්ග්ගෙ අරමුණ මොකක්ද කියලවත්..ඒ යුද්ධෙන් deadsල දින්නොත් නම් ඉස්සරහට එන්න තියන ප්රශ්න
ගොඩක් නැති වෙලා යනව මොකද ඩෙඩ්ස්ල දින්නොත් ඉතින් කාටද throne එකට වැඩි අයිතියක් තියන්නෙ ? කවුද hand of the king වෙන්න ඕන ? කවුරු throne එක අයිත් කරගනීද? ඇතුලු ප්රශ්න ගොඩක් නැති වෙල යනව
එක අතකට එහෙම වෙන එකත් හොදයි..එහෙම වුනොත් ආයෙ කිංග්ඩම්ස්වලට බෙදිල හවුස්වලට බෙදිල මරාගන්න ඕන වෙන එකක් නෑනෙ ඔක්කොම ඩෙඩ්ස්ල සමගියෙන් සාමදානයෙන් වෙස්ට්රොස්වල ජීවත් වෙයි දිගටම 🙂
හැබැයි ලිවින්ග්ස්ල දින්න කියන්නෙ තව ප්රශ්න ගොඩක ආරම්භයක්...
හරි දැන් ආපහු මාතෘකාව පැත්තට ආවොත් දැන් බලන්න ඕන ටිරියන්ට throne එකට තියන අයිතිය කොතරම්ද කියල..
ටිරියන් කියන්නෙ අර කිව්ව විදියට ඒරිස් සහ ජොඇන්නගෙ දරුවෙක් නම් ඒරිස් ජීවත් වෙලා ඉන්න ලමයින්ගෙන් වැඩිමල්ම කෙනා වෙන්නෙ ටිරියන් මොකද ටිරියන් කියනනෙ ඩැනී,ජෝන් දෙන්නටම කලින් ඉපදුණ කෙනා..
එහෙම වුනොත් ඔය දෙන්නටම වඩා throne එකට අයිතිය තියෙන්නෙ ටිරියන්ට...
දැනට වෙස්ට්රොස්වාසීන් දන්න තරමින්(සැම්වෙල් සහ බ්රෑන් ඇරෙන්න) throneඑකට වැඩිම අයිතිය තියෙන්නෙ ඩැනීට..ඩැනී කියන්නෙ ජෝන්ගෙ නැන්ද කියල දැනගත්තම ජෝන් මොනව කරයිද?? throne එකට තමන්ට වඩා අයිතියක් ජෝන්ට තියනව කියල
දැනගත්තම ඩැනී throne එක ජෝන්ට "ආ මෙන්න ගන්න මේක අයිති ඔයාට" කියල දෙයිද?? ඒ අස්සෙ ටිරියන් ටාගේරියන්ට ඔය නේනටම වඩා throne එකට අයිතියක් තියනව කියල දැනගත්තම මොකක් වෙයිද??
කලින් කිව්ව වගේ මේ ඔක්කොම ප්රශ්න ඇති වෙන්නෙ ලිවින්ග්ස්ල දින්නොත්නෙ සීරීස් එක අවසානෙ ඩෙඩ්ල දින්නොත් නිරවුල් අවසානයක් බලාගන්න පුලුවන් වෙයි..
නැත්නම් ටිරියන් throne එක අයිති කරගෙන ඉතුරු වෙලා ඉන්න ඩ්රැගන් කෙනෙක්ගෙ පිටේ නැගල ඈතට පියාඹල යද්දි තිරේ වැහිල මේ කතාව අවසන් වෙයිද???
කොහොම උනත් තව දවස් 6කින් මේ ප්රශ්න ඔක්කොටම උත්තර එකින් එක ලැබෙන්න පටන් ගන්නව එතකන් ඉවසල ඉන්න තමා තියෙන්නෙ..
"everybody wants to know their future
until they know their future"

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper