Mythology



Mythology කියන්නෙ ඉතා ලොකු පරාසයක විහිදෙන විශයක් සාහිත්යයේ එක් ශානරයක් විදියට Mythology හදාරන්න පුලුවන්.කොහොම උනත් මම බලාපොරොත්තු වෙන්නෙ මේ Mythologyවල එන චරිත සහ ඒ චරිත ආශ්රිත කතා සරලව ලියන්න ඕනකෙනෙක්ට නිකන් ඉන්න එකේ කියවල රස විදින්න.

එහෙනම් Mythology කියන්නෙ සරලවම ගත්තොත් ජනප්රවාද ඒත් නිකන්ම ජනප්රවාද නෙවෙයි දෙවිවරු ආශ්රිත ජනප්රවාද.ඒ කියන්නෙ විවිධ ශිෂ්ඨාචාරවල මිනිස්සු ඔවුන් අදහපු විශ්වාස කරපු දෙවිවරු ගැන නිර්මාණය කරපු කතා.වෙන ඕනම ජනප්රවාදයක් වගේ මේවත් මුලින් කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ගිහින් චිත්ර,පොත්පත් දක්වාම ගිහින් තියනවා.මේ කතා කිසිම ආගම්,ඇදහිලි,විශ්වාස බේදයක් නැතුව ඕනම කෙනෙක්ට රසවිදින්න පුලුවන් ඉතාම නිර්මාණශීලී ජනප්රවාද.
එක එක ශිෂ්ඨාචාරවල එක එක කාල වකවානුවලදි නිර්මාණය වුණ Mythologies විශාල ප්රමාණයක් තියනව ඒවා අතරින් ගොඩක්ම ප්රසිද්ධම,ජනප්රියම Mythology දෙකක් තමයි Greek Mythology සහ Norse Mythology කියන්නෙ.
Greek Mythology එක ගැන නම් අහපු නැති කෙනෙක් නැති තරම් ඒ වගේම තමා Norse Mythology එකත් ඉතාම ප්රසිද්ධයි.මගෙත් කැමතිම Mythology එක තමයි Norse Mythology එක.
හරි සරලව මේ දෙක ගැන කිව්වොත් සියුස්,හ(ර්)කියුලිස්,පොසයිඩන් වගේ ප්රසිද්ධ චරිත එන්නෙ Greek Mythology එකේ.ඕඩින්,තෝ(ර්),ලෝකි වගේ ප්රසිද්ධ චරිත එන්නෙ Norse Mythology එකේ.දැන් මතක් වෙනව ඇති මේ කියපු චරිත එක එක කතාවල,Franchiseවල.
ඔව් ඒ කතා,චරිතවලට පදනම් වෙලා තියෙන්නෙ මේ Mythologies සහ ඒවයෙ එන කතා.මේ Mythologiesවල එන කතා,චරිත ආශ්රයෙන් පොත්පත්,චිත්රපට,කතා මාලා,පරිගණක ක්රීඩා විශාල වශයෙන් නිර්මාණය කරල තියනවා.ඉදිරියටත් නිර්මාණය වේවි. ප්රධාන වශයෙන් හ(ර්)කියුලිස් කියන චරිතය පාදක කරගෙන චිත්රපට කීපයක්ම නිර්මාණය කරල තියනවා.තව සියුස්,පොසයිඩන්,ඕඩින්,තෝ(ර්) කියන චරිත ගැනත් සදහන් කිරීම් චිත්රපටවල වගේම කතා මාලා වලත් විශාල වශයෙන් තියනවා.
ඒ වගේම ලෝකයේ තියන ප්රධානම Comic සමාගම් දෙකත් මේ Mythologies දෙකේ චරිත සහ කතා විශාල වශයෙන් භාවිත කරනවා.DC Comics ගත්තොත් එයාලා පාවිච්චි කරල තියෙන්නෙ Greek Mytholgy එක.Greek Mythology එකේ එන සියුස්,පොසයිඩන්,ඒරිස් වගේ චරිත DC Comicsවලදි Old Godsලා විදියට හදුන්වල දීල තියනවා.Marvel Comics ගත්තොත් ඔවුන් පාවිච්චි කරන්නෙ Norse Mythology එක.‌තෝර්,ඕඩින්,ලෝකි වගේ චරිත Marvel Comicsවල ඉන්න ජනප්රිය Norse Mythology එක පාදක කරගෙන නිර්මාණය කරපු චරිත විදියට හදුන්වන්න පුලුවන්.
මේ Mythologiesවලට සාහිත්යමය වශයෙන් ලොකු වටිනාකමක් තියනවා.ඒකට එක හේතුවක් තමයි මේ සුරංගනා කතා වගේ ප්රවාදවලින් සැගවුණු අර්ථයන්,සංකේතාත්මක අර්ථයන් ගැබ්වෙලා තිබීම.මේවා සම්බන්ධව එක එක මත තියනවා.ගොඩක් දෙනාගෙ මතයක් තමයි මේ Mythologiesවල එන චරිතවලින් කියවෙන්නෙ මනුෂ්යාගෙම විවිධ ස්වරූප කියන එක.
Mythologiesවල එන චරිත,කතා වගේම මේවයෙ එත සිදුවීම් සංකේතාත්මකව චිත්රපටවල,කතා මාලාවල පාචිච්චි කරපු අවස්ථාත් ඕනෑ තරම් තියනවා.
විශේෂයෙන් Zack Snyderගෙ DC චිත්රපටවල Mythological Symbols/සංකේත විශාල වශයෙන් දැකගන්න පුලුවන්.මෑතක ආපු Mythological Symbols දකින්න තියන මම බලපු සුපිරිම නිර්මාණයක් තමයි The Lighthouse(2019) චිත්රපටය.
ඒ වගේම Game of thrones,Vikings වාගේ කතා මාලාවල ඉදලා Breaking Bad වාගේ කතාමාලා දක්වා මේ Mythological Symbols/සංකේත භාවිත කරපු අවස්ථා තියනවා.
ඒ විතරක් නෙවෙයි ලෝකෙ තියන ප්රධාන පෙලේ ආයතන තියනව Mythologiesවල එන චරිත වල නම්වලින් නම්කරපු.උදාහරණ විදියට Nike ඔවුන්ගෙ නම අරන් තියෙන්නෙ Greek Mythologyයේ එන දේවතාවියකගෙ නමකින්,ඒ වගේම Amazon සමාගම නම් කරල තියෙන්නෙ Mythological කාන්තා රණශූරියන්ව හදුන්වන නමින්.
හරි ඒ තමයි Mythology ගැන මගේ සරල හැදින්වීම.
දැන් ආය මාතෘකාවට ආවොත් මම බලාපොරොත්තු වෙන්නෙ මේ Mythology එකක ආරම්භයේ ඉදල එන චරිත සහ කතා ලිපි පෙලකින් අරගෙන එන්න xD
ඒකට මම වඩාත්ම ප්රසිද්ධ,ජනප්රිය Greek Mythology එක තෝරගන්නවා.
මුලින්ම Greek Mythology එක ගැන හැදින්වීමක් කරල ඉන්නම්.
ක්රි.පූ. 700 දි ජීවත් උන Hesiod කියන කවියාගෙ Theogony තමයි Greek Mythology සම්බන්ධව හමුවෙන පැරණිම ලිඛිත සටහන විදියට හදුන්වන්නෙ.
මේ‌කෙ Greek Mythology එකේ ආරම්භය/Orgin එක ගැන සදහන් වෙනවා.
Hesiodට අනුව Greek Mythology එක යුග 5කට වෙන් වෙනවා.ඒ සම්භන්ධව වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ මොකද කලින් කිව්වා වගේ මම බලාපොරොත්තු වෙන්නෙ මේකෙ එන ප්රධාන චරිත සහ ඔවුන් ආශ්රිත කතා ගැන ලියන්න.
චරිත ගත්තොත් ප්රධාන දෙවිවරු සහ දේවතාවියන් 12ක් ඉන්නවා.
මොවුන් ජීවත් වෙන්නෙ ඔලිම්පස් කියන කදුවැටියේ.මේ කදුවැටිය තමයි ග්රීසියේ උසම කදුවැටිය.
ඔලිම්පියානු දෙවි දේවතාවන් පෙනුමෙන් මනුෂ්ය පිරිමින්ට සහ කාන්තාවන්ට සමාන උවත් ඔවුන්ට සත්වයෙක් හෝ වෙනත් ජීවියෙක් ලෙස වෙස් මාරු කරගැනීමට පුලුවන්.
ඒ වගේම Titanවරු,Demi-Gods/අර්ධ දෙවිවරු,Mortals/මිනිස්සු,Monsters/රාක්ෂයින් සහ Hybrids/දෙමුහුම් ජීවීන් Greek Mythology එකේදි හමු වෙනවා.
Greek Mythologyයේ මූලික හැදින්වීම මෙතැනින් අවසන් ඊළග කොටසින් Greek Mythologyට අනුව විශ්ව‌යේ ආරම්භය සහ Greek Mythologyයේ පලමු ජීවීන් ගැන ගේන්නම්.

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper