Greek Mythology Part 2



Mythology series එකේ තුන්වෙනි ලිපිය ඒ වගේම Greek Mythologyයෙ දෙවෙනි කොටස.

කලින් කොටස නැවැත්තුවෙ සියුස් සහ ක්රෝනස් දෙන්නා අතර සටනක් සහ ලොකු යුද්ධයක් ගැන ඉගියකින්.
එකපැත්තකින් සියුස් හැඩිදැඩි,ශක්තිමත් තරුණයෙක් වෙද්දි අනිත් පැත්තෙන් ක්රෝනස් ටයිටන්වරුන්ගෙ පාලකයා සියුස්ගෙ පියා දුර්වල වයස්ගත මහල්ලෙක් බවට පත්වෙනවා කාලයත් එක්ක.
පහර දෙන්න හොදම අවස්ථාව එනකන් හිටිය සියුස් ක්රෝනස් එක්ක සටනට මුල පුරන්නෙ ක්රෝනස්ගෙ ආහාරවල වසක් එකතු කරනමින් මේ වස මිශ්ර ආහාර ගත්තු නිසා ක්රෝනස් අර අවුරුදි ගානක් බඩ තුල හිරකරන් ඉදපු තමන්ගෙ දරුවන්ව නැත්නම් සියුස්ගෙ වැඩිමහල් සහෝදර සහෝදරියන්ව වමාරනවා.අවුරුදු ගානක් හිර වෙලා ඉදපු මේ දෙවිවරු පස් දෙනාට කිසිම හානියක් වෙලා තිබුණෙ නෑ.අර අවුරුදු ගානකට කලින් රෙයා ක්රොන්ස්ව රවට්ටලා සියුස් වෙනුවට ගිලින්න දීපු ගලත් අනිත් දරුවො එක්කම වැමෑරුව කියල තමා කියන්නෙ.
සියුස් එක්ක එකතු වුන සහෝදර සහෝදරියෝ පස් දෙනා ලොකු අපහසුවක් නැතුවම ක්රෝනස්ව පරාද කරලා ටා(ර්)ටරස්වල සදාකාලිකව හිර කරනවා.
ටයිටන්වරුන්ගෙ නායකයා උන ක්රෝනස්ගෙ මේ පරාජය ගැන දැනගත්ත ටයිටන්වරු අර තරුණ දෙවිදේවතාවියො හයදෙනාට විරුද්ධව පෙලගැහුනත් ප්රොමිතියස් සහ ඕෂනියස් කියන ටයිටන්වරු මේ යුද්ධයෙ එක පිලකටවත් සහයෝගය දක්වන්නෙ නැහැ.
ඒ විදියට Greek Mythologyයේ ‌ලොකුම යුද්ධයක් වන දෙවිවරු සහ ටයිටන්වරු අතර යුද්ධය ආරම්භ වෙනවා.
මේ යුද්ධය Titanomachy(Titan battle) විදියට ප්රධාන වශයෙන් හදුන්වනවා.ඒ වගේම Battle of the Titans, Battle of the Gods,The Titan War කියන නම්වලින් හදුන්වන්නෙත් මේ යුද්ධය.
ටයිටන් යුද්ධය එක පිලකටවත් ස්ථිර ජයග්රහණයක් නැතුව එක දිගට අවුරුදු දහයක් පැවැත්වෙනවා.
යුද්ධය අවසන් කරන්න හිතාගෙන ටා(ර්)ටරස්වලට ගියපු සියුස් ක්රෝනස් විසින් අවුරුදු ගාණකට කලින් හිර කරපු සයික්ලොප්ස්වරු සහ හෙක්ටොන්ක්රීස්වරුන්ව නිදහස් කරනවා.
මේකට කෘතගුණ දැක්වීමක් විදියට සහ මේ යුද්ධය අවසන් කරන්න පිලියමක් විදියට මේ සයික්ලොප්ස්වරු තුන්දෙනා ප්රධාන දෙවිවරු තුන්දෙනා වුණ සියුස්,පොසයිඩන්,හේඩීස් ට ඔවුන්ට අනන්ය බලයන්/ආයුධ තුනක් තෑගි කරනවා.
සියුස්ට Thunderbolt/අකුණු බලය,පොසයිඩන්ට Trident/ත්රිශූලය,හේඩීස්ට The Helm of Darkness/අන්ධකාරයේ හිස්වැස්ම විදියට මේ සයික්ලොප්ස්වරු දෙවිවරුන් තුන්දෙනා‌ට ඔවුන්ට අනන්ය ආයුධ තෑගි කරනවා.
මේ බලයන් වගේම හෙක්ටොන්ක්රීස්වරුන්ගෙන් යුද්ධෙදි ලැබුණ සහයත් එක්ක ආරම්භයෙන් අවුරුදු දහයකට පස්සෙ දෙවිවරු සහ ටයිටන්වරු අතර මහා යුද්ධය සියුස් ප්රමුඛ දෙවිවරු ජයග්රහණය කරන්නෙ ටයිටන්වරුන්ගෙ යුගයේ අවසානය සනිටුහන් කරමින්.
යුද්ධයෙන් පරාද වුණ ටයිටන්වරුන්ව සියුස් විසින් ටා(ර්)ටරස්වල සදාකාලිකව හිර කරන්නෙ හෙක්ටොන්ක්රීස්වරුන් ටා(ර්)ටරස් මුර කරන්නත් පත් කරලා .දරාගැනීමට සහ ශක්තියට අධිපති ඇට්ලස් ටයිටන්වරයාට පෘථිවිය සහ දිව්ය ලෝකය සදාකාලිකව තම උර මත තබා ‌ගෙන ඉන්නටත් සියුස් නියෝග කරනවා.
මේ සියල්ලම අතරේ තමන්ගෙ දරුවන්ගෙ රාජධානියේ කඩාවැටීම බලන් ඉදපු ගායා ඇයගෙ අවසාන දරුවා විදියට Typhon කියන රාක්ෂයාව බිහි කරනවා.සියලු රාක්ෂයින්ගෙ පියා විදියට හදුන්වන්නෙ ටයිෆන්.කිසිදා නොනිදන ඔලු සියයක් සහිත ගිනි පිබින මකරෙක් වන ටයිෆන් ගායා විසින් නිර්මාණය කරන්නෙ තමන්ගෙ දරුවන් ටා(ර්)ටරස්වල හිර කරපු සියුස්ව සහ සියුසගේ රාජධානිය විනාශ කරන්න.
මේ ටයිෆන්ට බිය වුන දෙවිවරු රාජධානිය අතහැර දමා පලා ගියා.නමුත් සියුස් තමාගේ රාජධානිය වෙනුවෙන් තනිවම ටයිෆන් සමග සටනට අවතීර්ණ වුනා. තමන්ගෙ අකුණුවලින් පහර පිට පහර දෙමින් ලොකු සටනකට පස්සෙ අවසානය සියුස් ටයිෆන්ව පරාජයට පත් කරන්නෙ තමන්ගෙ රාජධානියේ බලය තහවුරු කරගනිමින්.
නමුත් සියුස්ගෙ රාජධානියට විරුද්ධව එල්ලවුන තර්ජනය එතනින් අවසන් උනේ නැහැ.
සියුස්ගෙ රාජධානියට එල්ලවුන අවසාන කැරැල්ල විදියට යුරේනස්ගෙ රුධිරයෙන් බිහිවුණ යෝධයන් පිරිස ඔවුන්ට පහත් විදියට සැලකීම මුල් කරගෙන ඔලිම්පස් කදුවැටිය තරණය කරමින් මුලු ඔලිම්පසයටම එල්ලකල ආක්රමණය හදුන්වන්ව පුලුවන් .
සියුස්ගෙ පුත්රයෙක් උන Heraclesගෙත් උදව් ඇතුව මේ යෝධයින්ව ඝාතනය කරලා ආක්රමණය මැඩපවත්වන්න සියුස් සමත් උනා.
ඒත් එක්කම තමන්ගෙ සියලුම සතුරන්ව පරාජය කරපු ඔලිම්පස්වරුන් මුලු ලෝකයේම බලය තහවුරු කරගත්තේ සියුලු දෙවිවරුන්ගෙ රජු සියුස්ගෙ ප්රධානත්වෙයන්.
මේ එක්කම දෙවිවරුන්ගේ යුගය ආරම්භ වෙන්නෙ ප්රධාන දෙවිවරු තුන්දෙනා උන සියුස්,පොසයිඩන්,හේඩීස් තමන්ගෙ බල ප්රදේශ බෙදා ගනිමින්.
ඒ අනුව සියුස්ට අහස,පොසයිඩන්ට මුහුද,හේඩිස්ට මලවුන් නැත්නම් අපාය විදියට මේ ප්රධාන දෙවිවරු තුන්දෙනා තමන්ගෙ බල ප්රදේශ තෝරා ගත්තා.
මේ තුන්දෙනා ඇතුලුව දෙවිදේවතාවියන් දොලොස්දෙනෙක් ලෝකය පාලනය කරේ ග්රීසියෙ ඔලිම්පස් කදුවැටියේ වාසය කරමින්.එම නිසා මොවුන් ඔලිම්පස්වරු ලෙසත් මොවුනගේ පාලන යුගය ඔලිම්පස්වරුන්ගේ යුගය හෙවත් දෙවිවරුන්ගේ යුගය ලෙස හදුන්වනවා.
ඔලිම්පස්වරු දොලොස්දෙනා සහ එයාලගෙ විස්තර ඊළග කොටස්වලින් ගේන්නම් xD

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper