Greek Mythology Part 1
Greek Mythology series එකේ දෙවනි ලිපිය තමයි මේ. පලවෙනි ලිපියෙන් Mythology ගැන සහ Greek Mythologyය ගැන ලොකු හැදින්වීමක් කරා.
මේක දෙවනි ලිපිය උනත් Greek Mythology seriesඑකේ නම් පලවෙනි කොටස.
වැඩි පැහැදිලි කිරීම්වලින් තොරව කෙලින්ම කතාව කියන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ මොනම හරි අපැහැදිලි තැනක් පැහැදිලි කරගන්න ඕන නම් අහන්න මම දන්න විදියට පැහැදිලි කරන්නම්.
ඔන්න කලින්ම කිව්වා කතාව R-rated 

හරි එහෙනම් මෙතන ඉදන් තියෙන්නෙ කතාව. Greek Mythologyය
විශ්වයේ ආරම්භයේ සිට ටයිටන්වරුන්ගේ යුගය දක්වා...
විශ්වය ආරම්භ වෙන්නෙ හිස් අවකාශයකින්,රික්තයකින්,හිස්බවකින් මේ හිස්බව නමින් Chaos.Chaos තමයි Greek Mythologyයේ පලමු ජීවියා.පලමු ප්රාථමික ජීවියා.
Chaosගෙන් Gaia(ගායා) හෙවත් පෘථිවිය/පොලව,Tartarus(ටා(ර්)ටරස්) නොහොත් පෘථිවියේ අභ්යන්තරයේ පිහිටි හිර ගෙය(මෙය Underworld ලෙසත් හදුන්වනවා),Erebus හෙවත් පෘථිවිය වටකරගන්නා රාත්රී අන්ධකාරය,Eros හෙවත් ආදරය කියන මූලික ප්රාථමික ජීවීන් (මූලික ප්රාථමික ජීවීන් කිව්වට මේ හැම ප්රාථමික ජීවීයෙක්ගෙන්ම නිරූපණය වෙන්නෙ සංකල්පයක් භෞතික ජීවියෙක් නෙවෙයි.)
ඉන්පසු ගායා පිරිමියෙකුගේ සහයක් නොමැතිව Uranus හෙවත් අහස බිහි කරනවා.යුරේනස් කාලයත් සමග ගායාට සමමට්ටමේ ජීවියෙක් බවට පත් වෙනවා.ඒ එක්කම යුරේනස් ගායාගේ සහකරු බවටත් පත් වෙනවා.
ඔවුන් දෙදෙනා ප්රථම ටයිටන්වරුන් දොලොස්දෙනාට උපත ලබා දෙනවා.පිරිමි ටයිටන්වරු 6 දෙනෙක් සහ ගැහැණු ටයිටන්වරු 6 දෙනෙක් ලෙස ප්රථම ටයිටන්වරු බිහි කිරීමෙන් පස්සෙ මොවුන් දෙදෙනා Cyclopes නම් එකැසි යෝධයන් තිදෙනෙකුත්,Hecatonchires නම් ඔලු දහසක් සහිත යෝධයන් තිදෙනෙකුත් බිහි කරනවා. ඒත් යුරේනස් ඔහුගේ මේ රාක්ශ ස්වරූපයේ දරුවන්ව පිළිකුල් කරනවා විශේෂයෙන් Hecatonchiresවරුන් ඒ ඔවුන්ගෙ කැත පෙනුම නිසා.
කෙතරම් පිළිකුල් කලාද කිව්වොත් යුරේනස් මේ Hecatonchiresවරුන් නැවත ගායාගේ ගර්භාෂය තුලට ඔබ්බවනවා ඔවුන් ඒ තුල රදවනවා. මේ අසීමිත වේදනාවෙන් ගිලී ගිය ගායා අති විශාල දෑකැත්තක් නිර්මාණය කරලා ඒක ඇයගේ දරුවන්ට දෙනව ඇය වෙනුවෙන් තම පියාගෙන් පලිගන්න ලෙස ඉල්ලමින්.නමුත් එක දරුවෙක්වත් නිර්භීත වෙන්නෙ නැහැ යුරේනස්ගෙන් පලිගන්න තරම්.අවසානයටම උපන් ටයිටන්වරයා ටිකක් නොහික්මුණු දරුවෙක්.නමින් Cronus.ක්රෝනස් මේ දෑකැත්තත් අරන් පියා යුරේනස් නිදා සිටින අවස්ථාවක පහර දී යුරේනස්ගේ ලිංගේන්ද්රයන් අර දෑකැත්තෙන් කපා දමනවා. යුරේනස්ගෙන් ගලා ගිය ලේ දහරාවලින් Nimphs නම් යෝධයන් කොඨිටාසයක් බිහිවුනා කියල කියවෙනව.ක්රෝනස් පියාගේ ලිංගේන්ද්රයන් මුහුදට විසිකරනවා එයින් ආදරයේ දේවතාවිය හෙවත් Aprodite බිහිවෙනවා.බරපතල තුවාල ලබපු යුරේනස් සදහටම පෘථිවිය දාලා යන්නෙ මේ කරපු දේට ක්රෝනස් ප්රමුඛ ටයිටන්වරුන්ට කවදහරි දඩුවම් කරනව කියන පොරොන්දුවත් ඇතුව.
ඒ එක්කම ක්රෝනස් ටයිටන්වරුන්ගෙ සහ මුලු පෘථිවියෙම පාලකයා බවට පත්වෙන්නෙ Cyclopesවරුන් සහ Hecatonchiresවරුන් ටා(ර්)ටරස්වලට පිටුවහල් කිරීම ඔහුගේ ප්රථම රාජකාරිය ලෙස ඉෂ්ඨ කරමින්.
ක්රෝනස්ගේ පාලනයෙන් ඇරඹෙන මේ යුගය ටයිටන්වරුන්ගේ යුගයයි.
ගායාගෙන් උපන් ටයිටන්වරු දොලොස්දෙනා.
Coeus-බුද්ධියට සහ දුරදක්නා නුවණට අධිපති ටයිටන්වරයා
Cronus-කාලයට සහ යුගයන්ට අධිපති ටයිටන්වරයා
Iapetus-මනුෂ්ය ආයු කාලයට අධිපති ටයිටන්වරයා
Mnemosyne-මතකයට අධිපති ටයිටන්වරිය
Oceanus-මුහුදට අධිපති ටයිටන්වරයා
Phoebe-දීප්තියට අධිපති ටයිටන්වරිය
Rhea-මාතෘත්වයට අධිපති ටයිටන්වරිය (සියලු දෙවිදේවතාවියන්ගේ මව)
Tethys-නැවුම් ජලයට අධිපති ටයිටන්වරිය
Theia-දිදුලන ආලෝකයට අධිපති ටයිටන්වරිය
Themis-දිව්යමය නීතියට අධිපති ටයිටන්වරිය
Crius
Hyperion
දරාගැනීම,ශක්තියට අධිපති ටයිටන්වරයා Atlas,Epimetheus සහ Prometheus සහෝදරයින් ඉන්පසු පරම්පරාවලට අයිති නම ගිය ටයිටන්වරුන් කිහිප දෙනෙක්
ටයිටන්වරුන්ගේ ප්රධානියා බවට පත්වූ ක්රෝනස් තමන්ගෙ සහකාරිය ලෙස තමන්ගෙම සහෝදරියක් වෙච්ච Rhea ටයිටන්වරිය විවාහ කරගන්නවා.බහුතරයක් ප්රධාන දෙවි දේවතාවියන්ගේ මව වෙන්නෙ රියා
රියා සහ ක්රෝනස්ට දරුවන් කිහිපදෙනෙක්ම හිමි වෙනවා.
නමුත් තමන්ගෙ පියාට අත්වුන ඉරණමම තමන්ටත් අත්වේවි කියල තිබුන බයත් එක් දරුවෙක් තමන්ගෙ බලය ලබාගන්නවා කියල සදහන් වුන අනාවැකියකත් නිසා ක්රෝනස්ට තමන්ගෙ දරුවන්ව හිර කරන්න ඕන උනා.
ඉතින් ඔහු කලේ දරුවන්ව බිහි උනායින් පස්සෙ සම්පූර්ණෙන්ම ගිලින එක දරුවන් මැරෙන්නෙ නැහැ නමුත් සදහටම තම පියාගෙ බඩ ඇතුලෙ හිර වෙනවා.
තමන්ගෙ දරුවන්ට මේ අත්වුන ඉරණ ගැන දුක්වුන රියා ඇයගේ අවසානයට උපන් දරුවාව ක්රෝනස්ගෙන් හංගන්න තීරණය කරනවා. මේ අවසානයට උපන් දරුවා වෙන කවුරුත් නෙවෙයි Zeus.සියුස්ව ගිලින්න ක්රෝනස් ආවම රියා සියුස් වෙනුවට ගලක් සියුස් විදියට වෙස් ගන්වලා ක්රෝනස්ට දෙනවා.මේ මායාවට රුවටුන ක්රෝටස් සියුස් කියල හිතා ගෙන අර ගල ගිලිනවා.ඒ වෙද්දි රියා සියුස්ව ගායා ලගට යවල තිබුණේ ඇය යටතේ හැඩිදැඩි වෙන්න.
කාලයත් එක්ක ක්රෝනස් වයස්ගත දුර්වල පුද්ගලයෙක් වෙනව වගේම අනෙක් පැත්තෙන් සියුස් තරුණ ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා.
සියුස් තම පියා ක්රෝනස්ගෙන් තමාගෙ වැඩිමහල් සහෝදර සහෝදරියො ටික වුන Poseidon,Hades,Hestia,Demeter,Hera බේර ගන්න කරන උත්සාහයත් එක්ක Greek Mythology එකේ ලොකුම යුද්ධයක් ආරම්භයට මග පෑදෙනවා.
ඒ යුද්ධය,ක්රෝනස්ගේ සහ සියුස්ගේ ඉරණම ඊළග කොටසින්...
Comments
Post a Comment