GoT we got



අවුරුදු දෙකකට ආසන්න කාලයක් බලන් ඉදල අවසානෙ අපට ලැබුණ අවසානයේ ආරම්භය ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුව.

මුලින්ම කියන්න ඕක හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු විදියට මේ එපිය ලෝකෙ වැඩිම පිරිසක් බලපු එපිය බවට පත් උනා ගිය සැරේ වගේම ඊට කලින් සීසන් එකේ අවසාන එපිය තියල තිබ්බ වාර්ථාව
කඩල.S7 E7 වාර්ථාව තියල තිබ්බෙ මිලියන 16.6 මෙවර එපිය මිලියන 17.5 වීවස්ල අරගෙන ඒ වාර්ථාව ආයෙ කැඩුව..කෝම උනත් එවෙලෙ තිබ්බ හයිප් එකේ මේ එපිය වෙනුවට පඹයෙක් දාලා ආතල් එකක් දුන්නත්
වීවස්ල එනව..
මෙහෙමයි එච්චර සතුටුදායක එපියක් උනේ නෑ මට නම් මේ එපිය..සතුටුදායක දේවල් වලින් පිරිල තිබ්බත් ඇත්තටම සතුටු වෙන්න කාලයක් තියනවද කියන එක තමයි ප්රශ්නෙ.
මම හිතන්නෙ මේක series එකේ තිබ්බ චාටර්ම එපිවලින් එකක්.මේක මගේ මතය විතරයි..
සීරීස් එකේ අවසාන එපි කීපයම අරන් බැලුවොත් චාටර් සීන් ගොඩක් තිබ්බ සීසන් 7 දි නයිට් කිං බිම ඉදපු ඩ්රොගොන්ට ඉන්න දීල උඩ පියාඹපු විසේරියන්ව ටාගට් කරපු එක,ජීවිකේ පලවෙනි වතාවට
හිම දැකපු ගෙන්ඩ්රි අඩි ගාණක් හිම වැටිල තිබ්බ පාරෙ දුවපු දිවිල්ල,ඊස්ට් වොච් එකේ ඉදන් ඩ්රැගන්ස්ටෝන්වලට ඒ පණිවිඩය ගියපු ඉක්මන,ඒ ඔක්කොටම වඩා ඒ එපියෙදි ජෝන් වැඩ පෙන්නන්න
ගිහින් දීපු ගොං ආතල් එක,ඒක නිසා බෙන්ජෙන් ගොන් විදියට මැරෙන්න උන එක (ජෝන් ගොන් වැඩ කරපු එක නම් සාධාරණයි මොකද පොරගෙ නමෙත් "ගොන්" කියල කෑල්ලක් තියන නිසා)
මේ වගේ දේවල් නිසා එක එපියකින් සීරීස් එකේම කොලිටිය බැස්සුණා..ඊට අමතරව මම පෞද්ගලිකව අකැමැති වුණ කොටසක් තමයි ලිට්ල්ෆින්ගර්ගෙ මරණෙ.ඒක මගේ පෞද්ගික මතය විතරයි ඉතින්
ඒක ගැන අමුතුවෙන් කතා කරන්න යන්නෑ කෝමවුනත්.මම හිතන්නෙ මේ වගේ දේවල් සිද්ධ වෙන්න හේතුව පොතේ පරක්කුව කියලයි..ආර්.ආර් මාටින් මහත්තය song of ice & fire කතාමාලවෙ පලවෙනි පොත් රිලීස්
කරන්නෙ 1996දි. දැනට ආපු පොත්වලින් අවසාන පොත ඒ කියන්නෙ පස් වෙනි පොත ආවෙ 2011 දි 2011 දි තමයි ටීවී ශෝ එක පටන් ගන්නෙ ඒ නිසා ටීවී ශෝ එක පටන් ගද්දි පොත් 5ක් ඉස්සරහින් ඉන්නව මාටින් මහත්තය..හැබැයි මේ වෙනකන්
6 වෙනි පොත රිලීස් වෙලා නෑ 2020 එනව කියල කියනව..පොත් දැනට අවසන් වෙලා තියෙන්නෙ ජෝන් මැරුණ තැනින්..ඒ කියන්නෙ සීසන් 5න් පස්සෙ පොතක් ආශ්රයෙන් නෙවෙයි කතාව හැදෙන්නෙ නමුත් මේකෙ අධ්යක්ශවරු,ලියන අය සහ ආර්.ආර්. මාටින් මහත්තය
කියන මේ හැමෝම එකතු වෙලා තමා ස්ටෝරිය එතන ඉදන් බිල්ඩ් කරන් යන්නෙ..ඒක නිසාද මන්දා මට දැනුන විදියට අවසාන එපි කීපයෙදි සීරීස් එකේ තිබ්බ කොලිටිය අඩු උනා..
උඩින් කිව්ව විදියට ඒකෙ ආසන්නතම අවස්ථාව තමයි පහුගිය එපිය..
මෙහෙමයි පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙ සිද්ධි කීපයක්ම අපිට නැවත් මතක් කරල දුන්න මේ එපියෙදි ඒ කාලෙ හිටපු අය වෙනුවට ඒ සිද්ධිවල හිටියෙ අලුත් පරම්පරාවෙ අය..ඒ සිද්ධි ගැන ආයෙ කියන්න දෙයක් නෑ හැම කෙනෙක්ටම නෝට් වෙන්න ඇති..
එපියෙ පටන් ගත්තෙ රැජිණගෙ සම්ප්රාප්තියෙන්.ඒ අස්සෙ ටිරියන් සහ වේරිස් ඇට ඇති නැති වීම ගැන වැදගත් සංවාදයක් පවත්වනව දැක්කා :3
එපිය චාටර් කියන්න ප්රධාන හේතුව තමා ඩැනී සහ ජෝන්ගෙ හින්දි ෆිල්ම් එකකින් උස්සල වගේ තිබ්බ සීන් එකක..කතාව ගිය විදියට මම හිතුවෙම දෙන්න අර weirwood ගහ වටේ අත් අල්ලගෙන නටයි කියල : D
"we could stay a thousand year" වගේ බොලද දෙබස් දාලා,මකරගෙනුත් පොඩි ආතල් එකක් දීල ඒ සීන් එක හැඩ කරල තිබ්බා..වෙස්ට්රොස්වලට ආවට පස්සෙ මට පේනනෙ ඩැනීට ආපු වැඩේ අමතක වෙලා වගේ.එසොස්වලදි හිටපු ඩැනේරිස්
ස්ටෝම්බෝන්ව නම් මං මේ එපියෙදි දැක්කෙ නෑ.ජෝන් සුපුරුදු පරිදි තමන්ගෙ නමේම තියන විදියට වැඩ කරන් යනව..සීරීස් එකේ පලවෙනි වතාවට ආතල් එකට මකරු පැද්ද පලවෙනි අවස්ථාව මේක..ඩැනී පලවෙනි වතාවට මකරගෙ පිටේ තිය අවස්ථාව මතකනම් ඒ සන් ඔෆ්
හාපීස්ල වට කරපු ඒ තීරණාත්මක වෙලාවෙ..අපිත් ජෝන් මකරෙක් පදියි කියල හිතන් හිටිය නමුත් මේ විදයට නම් නෙවෙයි කොහෙත්ම..මේ විදියට ගියොත් නම් දෙන්න එක්ක මකරු දෙන්නගෙ නැගල ගිහින් නයිට් කිංවත් ගිනි තියල ආමි එකත් ගිනි තියල එහෙම්ම
කිංග්ස් ලෑන්ඩින් ගිහින් අලි එනකන් බලන් ඉන්න සර්සිවත් පුච්චල ත්රෝන් එක ගන්නත් බැරි නෑ..සීරීස් එක පුරාවටම ගොඩක් දෙනාට කෙලවුණේ ගේම් එක පැත්තක තියල වෙන වෙන වැඩ කරන්න ගිය නිසා..නෙඩ් සර්සිවයි ලමයිවයි බේරන්න ගිහින් මැරුම් කෑවා..
රොබ් සත්ය ප්රේමයේ වෘන්ගරාජයා වෙන්න ගිහින් මැරුම් කෑවා..දැන් ජෝන්,ඩැනීත් ගේම් එක පැත්තක තියෙද්දි මල් ගස්වටේ නටන්න ගියොත් ඒ දෙන්නටත් අනිවාරෙන් අත්වෙන්නෙ ඒ ඉරණමම තමයි..
"when you play game of thrones you win or you die" මතකනෙ..නැතුව දියඇල්ලක් ලග පැලක් හදාගෙන පොලුයි බතුයි කාලා සවයිව් වෙන්න බෑ මේකෙ..
ඒ සීන් එක ගැන එච්චරයි...අනිත් තිබ්බේ ගොඩක් හමුවීම් එකින් එක කියන්න ඕන නෑ ..ඒ නිසාද මන්ද හැමෝටම වගේ ගේම් එක අමතක වෙලා තියන බවක් දැක්කා කීප දෙනෙක්ට ඇරෙන්න.
බ්රෑන් සද්ද නැතුව ගේම් එකේ තමන්ගෙ කාර්යය කරන බව පේනුනා.ඒ වගේම පලවෙනි සීසන් එකේ ඉදන් හිටිය වගේම සර්සි ගේම් එකේ ඉන්නව ගැම්මෙන්ම(අලි නැති උනත්)..යූරෝන් තමන්ට ලැබුණ තෑග්ග භුක්ති විදින අතරෙ තියෝන් යාරාව බේරගෙන අයන් අයිලන්ඩ් ගියා..ඒ ඔක්කොම අස්සෙ බ්රොන්ට ලොකු රාජකාරියක් පවරනව රැජිණ
ඒ සීන් එකේ ඊස්ටර් එග් එකක් තිබ්බ කට්ටියට අහු උනාද මන්ද..තකනෙ සීසන් 7 එඩ් ශීරන්ගෙ කැමියො එකක් තිබ්බ ලැන්ස්ටර් හමුදාබටයෙක් විදියට..මේ කොටසෙදි බ්රොන් එක්ක හිටපු කාන්තාවො කතා කරමින් හිටියෙ මකරු ගිනි තියපු එක ගැන එතනදි එඩ් ගැන කියනව
එක්කෙනෙක් එක්කෙනෙක් තඹ කොන්ඩෙ තියන කොල්ල ආයෙ ආවෙ ඇහිබමත් නැතුව කියල...මෙතනදි ඒ කියන්නෙ අර එඩ් ශීරන් කොලුව ගැන..පොර මේකට ස්තූති කරලත් තිබ්බ instagramවල..බ්රෝන් කිව්ව ගමන් මතක් වෙන්නෙ කාස්ට්ල් එකක්නෙ මේ වැඩෙන් පස්සෙවත්
මිනිහට කාසට්ල් එකක් ලැබුනොත් ලොකු දෙයක්..ගොඩක් අය කියන්නෙ අවසානෙවත් බ්රෝන්ට කාස්ට්ල් එකන් ලැබුනෙ නැත්නම් මුළු series එකම කාලය නාස්ති කිරීමක් කියල :3
ආයෙ උතුරෙ අම්බර්ලගේ හෝම් එක ලාස්ට් හාත් වලට ශීත කාලය ඇවිත් තිබ්බ (Night king be like : "tell them winter is came for house amber")..සුපුරුදු පරිදි නෙඩ් කියන නමේ අවාසනාව නැවත පෙන්නමින් තුන්වෙනි නෙඩ්තුත් අචසන් ගමන්
ගියා නිල් ඇස් ප්රශ්නෙ විසදගත්තට පස්සෙ..
කොහොමෙන් කොහොම හරි ජෝන තමන්ගෙ ඇත්ත නමත් දැනගත්ත දැන් බලන්න තියෙන්නෙ ජෝන් නමේ තියන ජාතියෙ වැඩ දිගටම කරයිද නැද්ද කියල..ඒ වගේම ජෝන්ටත් දැන් ඩැනීට වගේ නම ඉස්සරහින් දිග හෑල්ලක් කියන්න පුලුවන් 😃 හැබැයි ජෝන්
දන්නව ලගලග එන නයිට් කිං ඔය හෑල්ල කියල ඉවර වෙනකන් බලන් ඉන්නැති බව.
මට නම් එපියෙ හොදම දේ වුණේ අවසාන තප්පර කීපයෙ බ්රෑන් බලන් ඉදපු පරණ යාලුව ගෙ නැවත පැමිණීම.එවෙලෙ ජේමි නම් හොදටම පුදුම වෙලා හිටියෙ නමුත් බ්රෑන්ගෙ එවෙලෙ මූණ පොඩ්ඩක් හොදට බලන්න බ්රෑන්ගෙ තිබ්බෙ පොඩි සතුටක් වගේ..බ්රෑන්
කියන්නෙ හැමතිස්සෙම සිරා ගේම ගැන අවධානෙන් ඉන්න කෙනෙක්.මොකද පොර තරම් කවුරුවත් දන්නෑ ඒකෙ බරපතලකම..එහෙම කෙනෙක් ජේමි දැකල අර විදියෙ බැල්මක් දැම්මෙ නිකන් වෙන්න බෑ..බොහෝ විට ජේමි කතාවෙ වීරයා වෙන්න පුලුවන්
අසෝර් අහායිගෙ නැවත ඉපදීම වෙන්නත් පුලුවන් සමහරවිට..ජේමිව අරන් බැලුවොත් පලවෙනි සීසන් එකේ ඉදන් ගත්තම ලොකුවටම වෙනස් උන කෙනා කියල කියන්න පුලවන්.පලවෙනි එපියෙම බ්රෑන්ට පොඩි තල්ලුවක් දීල වැඩ පටන් ගත්ත ජේමි මේ වෙද්දි වෙනස්ම
කෙනෙක් බවට පරිවර්තනය වෙච්ච බව පේන්න තියනව.කැට්ලින් නිදහස් කරාට පස්සෙ කිංග්ස්ලෑන්ඩින්වල යන්න උන ගමන තමයි ජේමිගෙ කතාවෙ හැරවුම් ලක්ෂය උනේ..කලින් කරපු දේවල් නිසා බොහෝ දෙනාග අකැමැති උනත් කැමති ප්රේක්ශක පිරිසකුත්
ඉන්නව ජේමිට..ඒ වගේ කෙනෙක් වීරය වෙන්න ඉඩක් තියනව..අර ඩැනී කිව්ව ජාතියෙ මෝඩ වැඩක් කරල මැරුම්න ජාතියෙ වීරයෙකුත් නෙවෙනෙ මෙයා..ජේමිව දැක්කම මට මතක් වෙන්නෙ The 100 එකේ බෙලමි බ්ලෙක් බලපු අයට නම් මතක ඇති මුල් කාලෙ තමන්ගෙ
සහෝදරියව ආරක්ශා කරන්න ඕන වැඩක් කරපු ඒ කරපු වැඩ නිසාම ගොඩක් අයට එපා වුණා නමුත් පස්සෙ හැමෝවම බේරගත්ත වීරය වුනා..ජේමිට ලැබෙන්න ඕන අනිවාරෙන් වීරයෙක් විදියට මිය යෑමක් ඒක තමයි ජේමිට ලැබෙන්න පුලුවන් හොදම අවසානය.එන සතියෙ
ජේමිට නඩු විභාගයකට පෙනී ඉන්න වෙන බව තමයි පේන්න තියෙන්නෙ.මේකෙදි laws of gods & men එපිය අපට නැවත මතක් කරයි.එතනදි රජු මැරුවට ඡෝදනා එල්ල වුනේ ටිරියන්ට ජේමි තමයි ටිරියන්ව බේරගත්තෙ ඊලග එපියෙදි
ටිරියන්ට ඒ ණය ගෙවන්න අවස්ථාව ලැබෙයි.අනිවාරෙන් ඔහු ඒ ණය ගෙවයි මොකද "Lannisters always pays their debts" නිසා..
දැන් කෙනෙක්ට කියන්න පුලුවන් මේ පලවෙනි එපිය නිසා අපට පොඩි ආතල් එකක් දුන්න කියල ඉස්සරහට ගේමට බහියි කියල..මෙහෙමයි මේක බලන්නෙ සීසන් 7ක් ගොට් බලපු ඈයො මිසක් හින්දි කතාවක් බල බල ඉදල ආපු ඈයො නෙවේනෙ..ඉතින් සීසන් 7ක් හරියට ගොට්
බැලුවනම් ආයෙ අමුතුවෙන් ආතල් දීල බොරු බලාපොරොත්තු ඇති කරන්න දෙයක් නෑ ඕන එකෙක් දන්නව මේක හැමෝටම සතුටුදායක විදියට අවසන් වෙන්නෑ කියල("if you think this has a happy ending you haven't been paying attention")
අනික ඔක්කොම කරන්න තියෙන්නෙ එපි 6යි එහෙම තියෙද්දි මකරු පිටේ නැගල අර කීව විදියට දියඇලි ලග පැලක් හදන්න වෙලාවක් වෙන් කරන එක ඕන්නැති වැඩක්..එහෙම කරන්න ඕනම නං ඩැනීට මකරුත් අරං සුජීව ප්රසන්නආරච්චිගෙ නවකතාවක් ඇසුරින් හදන කතාවකට යන්න පුලවන්.
Season 8 පලමු එපිසෝඩ් එක නැරඹීමෙන් පසු කෝපයට පත් ටිරියන් ෆෑන් කෙනෙක් විසින් ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper