Chaos is a ladder Fan theory
ෆෑන් තියරි එකක් ගැන කියන්න යන්නෙ.නිකන්ම ෆෑන් තියරි එකක් නෙවේ මම දැනට දැකපු පිස්සුම ෆෑන් තියරිය.
මේකට නම දාල තියෙන්නෙ Chaos is a ladder කියල.
ඒක කියපු ගමන් මතක් වෙන කෙනෙක් ඇතිනෙ අන්න එයා ගැන තමා මේ ෆෑන් තියරියෙ කියන්නෙ.ඒ වෙන කවුරුති නෙවේ littlefinger නොහොත් Lord Petyr Baelish.
හරි මේක කොටස් කීපයකට වෙන් කරල තමා කතා කරන්න වෙන්නෙ පලවෙනි කෑල්ල තමා,

සීසන් 7 අවසාන එපියෙදි littlefinger මැරුවනෙ ආර්ය කට්ටිය ගොඩක් සතුටු වෙන්නත් ඇති පොර මැරුණ එක ගැන.මොකෝ littlefinger කියන්නෙ කළු චරිතයක්නෙ ඒ කියන්නෙ විලන් කෙනෙක්නෙ හැබැයි
ගොට්වල ඒහෙම 100% කලු චරිතත් නෑ 100% සුදු වරිතත් නෑ.littlefinger පලවෙනි සීසන් එකේ නෙඩ්ව රවට්ටල නෙඩ්ව හිර කරන්න සෘජුවම දායක වෙච්ච කෙනෙක් ඒ වගේම ඉතින් නෙඩ් මරණෙටත් වක්රව
හරි වගකින්න ඕන කෙනෙක් ඒ නිසාම කට්ටිය ගොඩක් littlefinger ට කැමති නෑ හැබැයි ජොෆ්රිගෙ මරණෙටත් වගකින්න ඕන කෙනෙක් වගේම මිනහ නැත්තනම් මේ වෙද්දි ජෝනුත් නෑ එහෙම ගත්තම ඉතින් littlefinger
කියන්නෙ නරකම කෙනක් නෙවේ.හරි ඔය කිවේ හැමෝම දන්න ටිකනෙ පොඩ්ඩක් පරණ දේල් ටික මතක් කරන්නත් එපැයි තියරියට බහින්න කලින්..
දාන් මාතෘකාවට බැස්සම මුලින්ම කියන්න ඕන දේ තමයි littlefinger මැරුණ විදිය ගැනනම් මුල ඉදන්ම එච්චරම සතුටු වෙච්ච කෙනෙක් නෙමේ මම මොකද littlefinger කියන්නෙ මොලෙන් සුපිරිම ගෙමක් ගහපු කෙනෙක් සීසන් 7 පුරාවට මිනිහ
මෙච්චර ගේම්ස් දීල අච්චර ලේසියෙන් මැරුණ එක චරිතෙට කරපු අපරාදයක් මට අනුව නම්..
ලිට්ලගෙ මේ great plan එක පටන් ගන්නෙ 4වෙනි එපියෙන් පස්සෙ 4 එපියෙදි බ්රෑන් එක්ක වෙන කතාබහේදි බ්රෑන් Chaos is a ladder කියල කියපු ගමන් littlefinger ගෙ expression වෙනස් වෙනව මිනහ දැනගන්නව
දාපු ඔක්කොම සෙල්ලම් ඉවරයි කියල මොකද බ්රෑන්ට littlefinger සහ වේරිස් අතර වෙච්ච කතාබහ දකින්න පුලුවන්නම් මිනහ කරපු ඔක්කොම වැඩ ටික මාට්ටු වෙනවනෙ.ඊටපස්සෙ 5 වෙනි එපියෙදි littlefinger ට රහසක් කියනව කවුද ගෑනු කෙනෙක් මේක ආර්ය
බලන් ඉන්න නිසා අපිටත් පෙන්නව මෙතන තමයි විශේෂම තැන මෙතෙන්දි මේ ගෑනු කෙනා කියන දේ ලාවට වගේ ඇහෙනව අපට සවුන්ඩ් වැඩි කරල ඒ ටික අහල බලන්න ලාවට වගේ ඇහෙනව "your time is up" කියල වගේ කියනව
ඊට පස්සෙ ලිට්ල ඒ ගෑනු කෙනාට කාසියක් දෙනව ලාවට වගේ පේනව රිදී වගේ හරි දැන් මොකක්ද මතක් වෙන්නෙ මතකද ආර්යට ජැකන් දීපු කාසිය ඒක දීල තමා ආර්ය බ්රාවෝස් යන්නෙ..ෆෑන් තියරියෙ කියන්නෙ මේකත් ඒ වගේ කාසියක් වෙන්නැති කියල.
අනිත් දේ තමයි අපි දන්න ෆේස්ලස් මෑන් කෙනෙක්ට ජීවත්වෙන කෙනෙක්ගෙ ෆේස් එකක් උනත් ගන්න පුලුවන් කියල මොකද house of black & white වලදි ජැකන් මැරුණට පස්සෙ ආර්යා මුණු එකින් එක අයින් කරන් යද්දි දකිනව
ආර්යගෙ මූනත් ඒ අස්සෙ තියනව.ෆෑන් තියරියෙ කියන්නෙ අර කාසිය හම්බවුණූ ගෑනු කෙනා ෆේස්ලස් මෑන් කෙනෙක් කියල.5 එපියෙන් පස්සෙ ඇත්ත littlefinger වින්ටෆෙල්වල නෑ littlefinger ගෙ ෆේස් එක දාගත්තු අර ෆේස්ලස් මෑන් තමා littlefinger විදියට ඉන්නෙ ඉතින් ආර්ය
මරන්නෙත් එයාවමයි කියල...littlefinger සහ ෆේස්ලස් මෙන්ල අතර සම්බන්ධයක් ගැන හිතන්න පුලුවන් අනිත් දේ තමයි සන්ස අහනව littlefinger ගෙන් ෆේස්ලස් මෙන්ලව
දන්නවද කියල එතැනදි ලිට්ලගෙ මූණෙ තියන expression එක පොඩ්ඩක් හොදට බලන්න එතනත් මොකක් හරි දෙයක් තියනව කියල හිතන්න පුලුවන්..කොහොමෙන් කොහොමහරි ඔන්න ඔය විදියට littlefinger ඇත්තටම මැරුණෙ නෑ කියල තමා
මේ ෆෑන් තියරියෙ පලවෙනි කොටසෙන් කයන්නෙ.බැලුවම මේක වෙන්න බෑ කියල හරියටම කියන්න පුලුවන් දෙයක් නෙවේනෙ..
මේ කොටස chaos is a ladder කියන ෆෑන් තියරියෙ පලවෙනි කොටස ව්තරයි ඊලගට තියන කොටස් ටිකට තමා ඇත්තටම පිස්සු හැදෙන්නෙ.මුළු තියරියෙන්ම කියන්නෙ Lord Petyr Baelish තමයි ප්රධාන වීරයා(Protagonist) කියල..
ඊලග කොටස් ටිකත් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
එනිවේ Valar morghulis
Comments
Post a Comment