Chaos is a ladder fan theory part 2

 


🔴Littlefinger is a faceless man ??
මේ Chaos is a ladder fan theory එකේ දෙවෙන් කොටස කලින් කොටසෙන් කතා කරේ littlefinger මැරුණෙ නැහැ කියන එක ගැන..මම කිව්වනෙ මේක තමයි මම දැකපු පිස්සුම
ෆෑන් තියරි එක දැන් තමයි ඇත්තටම ඒක පිස්සුවක් වීගෙන එන්නෙ..මාතෘකාව දැක්කම දන්නවනෙ මොකක්ද මේ කියන්නෙ කියල.ඉතින් littlefinger කොහොමද ෆේස්ලස් මෑන් කෙනෙක් වෙන්නෙ
මුලින්ම කියන්න ඕන දේ තමයි පලවෙනි කොටසෙදිත් කියපු සන්ස littlefinger ගෙන් ෆේස්ලස් මෙන් ගැන දන්නවද ඇහුවම littlefinger දක්වපු ප්රතිචාරය..ඒක තමයි ල්ට්ල් සහ ෆේස්ලස් මෙන් අතර සම්බන්ධයක්
ඇති කියල හිතෙන මුල්ම අවස්ථාව.
අනිත් කාරණය තමයි කවුරුවත් littlefinger ගෙ backstory එක දන්නැති එක. littlefinger ගෙ අතීතය ගැන අපි දන්න එකම දේ තමයි පොර කියපු විදියට පොරගෙ great grandfarther බ්රාවෝස්වල කෙනෙක් කියන එක
ෆේස්ලස් මෙන්ලත් ඉන්නෙ බ්රාවෝස්වලනෙ ඒකත් littlefinger ෆේස්ලස් කෙනෙක් වැන්නැති කියන්න තවත් හේතුවක්..හැබැයි ෆේස්ලස් මෙන් කෙනෙක් නම් එයා කවුරුවත් නොවෙන්න එපැයි.ඒ මොකක්ද බොලේ ඒ කිව්වෙ...
ඒ කිව්වෙ ෆේස්ලස් මෙන් කෙනෙක් කියන්නෙ එයා no one කෙනෙක් වෙන්න එපැයි..
ඒ කියන්නෙ littlefingerෆින්ගර් කියන්නෙ ෆේස්ලස් කෙනෙක් දාගත්තු නිකන්ම මූණක් විතරද?? එහෙනම් ඇත්ත littlefinger කවුද??


මේ තියරි එකේ සදහන් වෙන විදියට littlefinger කියන්නෙ 3 දෙනෙක් ඒ අතරින් දෙන්නෙක් ආර්ය එක්ක සම්බන්ධයි.
ඒ අතරින් පලවෙනිය තමයි සිරියො ෆොරෙල් සිරියෝ කියන්නෙත් ලිට්ල්ගෙ එක මූණක් කියල තමා තියරියෙ කියන්නෙ සිරියෝ නිකන්ම ආර්යට කඩු සටන් විතරක් පුරුදු කරන එක නෙවේ කලේ "one thing we say to death
not today" මේව එහෙම කිව්වෙ නිකන් නෙව් කියලයි කියන්නෙ.අනික අපි දැක්කෙ නැහැ සිරියෝ මැරෙණව...
කොහොම වුනත් මේක ෆෑන් තියරි එකක් විතරයි හරි යන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.
හරි දැන් අපි ගොට් පලවෙනි එපිසෝඩ් එකෙන් අවුරුදු 15ක් ආපස්සට යමු..හරියටම කැට් වෙනුවෙන් බේලිෂ් සහ බ්රැන්ඩන් සටන් කරපු දවසට.සටනක් කිව්වට ඒක සටනක්ම නෙවෙයි නිකන්
one man show එකක් විතරක් කියල කට්ටිය දන්නව ඇතිනෙ..කොහොම වුනත් ටීවී සීරිස් එකේ සදහන් වුනේ නැති දෙයක් පොතේ මේ සටන ගැන තියනව ටීවී සීරිස් එකේ අපි මේ සටන ගැන දැනගන්නෙ බේලිෂ් රෝස්ට
කියන නිසානෙ.කට්ටිය ඒක අවධානෙන් අහන් ඉන්නෙ නම් නැතුවැති මොකද බැක්ග්රවුන්ඩ් එකේ වෙනම සීන් එකක් ගියානෙ එවෙලෙ :3 අපි දන්න විදියට බ්රැන්ඩන් බේලිෂ්ව මරන් නැත්තෙ කැට්ලින් "he's just a boy"
කියල අනුතම්පා කරපු නිසානෙ.පොතේ මීට අමතරව පොතේ සදහන් වෙනව බ්රැන්ඩන්ගෙන් බේලිෂ්ට මාරාන්තික පහරක් එල්ල වුනා කියලත් කැට් හිතුවෙ ඒ පාරට බේලිෂ් මැරුණම කියලත් නමුත් ටීවී සීරීස් එකේ නම් එහෙම
කතාවක් කියන්නෙ නැහැ..ඒ දවසෙන් පස්සෙ කැට් littlefingerෆින්ගව දැක්ක කියල කොහෙවත් සදහන් වෙන්නෙ නෑ පලවෙනි සීසන් එකේ 3 එපියෙදි කිංග්ස්ලෑන්ඩින් වලදි හම්බවෙන්න කලින්..ඒ අවුරුදු 15 අතරතුර මොනව වෙන්න
ඇත්ද බේලිෂ් එදා සටනෙන් වෙච්ච තුවාල නිසා මැරුණද?? ෆේස්ලස් කෙනෙක් ඒ නම අරගෙන මෙච්චර කල් littlefinger විදිහට පෙනී හිටියද?? මේකනම් වෙන්න ඉඩක් ඇත්තෙම නැති කතාවක්..
දැන් බලමු ජැකන් හෙ' ගා ගැන මුලින්ම මිනිහව පෙන්න්නෙ ආර්ය එක්ක වෝල් එකට මිනිස්සු අරන් ගියපු අයගෙ හිරකාරයෙක් විදියට කූඩුවක හිරකරල.මෙතනින් එන පලවෙනි ප්රශ්නෙ තමයි
අපි දැකපු සුපිරිම ඇසසින් කෙනෙක් කොහොමද එහෙම කූඩුවකට ආවෙ කියන එක..මෙයා හිතලම අහුවුනොත් මිස අල්ලගන්න පුලුවන් වෙයිද? ජැකන් එතනට ආවෙ මොකක් හරි හේතුවක් නිසා ඒක අහඹු සිදුවීමක්
නම් වෙන්න විදියක් නෑ.ජැකන් විදියට මේ ආර්ය ගාවට ආවෙ අර සිරියෝ ෆෙරෙල් කියල තමා තියරියෙ කියන්නෙ.මොකක් හරි විදියක් අර වෙලාවෙ බේරිල ආයෙත් ආර්යව ආරක්ශා කරන්න ජැකන් කියන මූණ දාගෙන සිරියෝ ආව වෙන්න පුලුවන්.
අනික මතකද ජැකන් ආර්යව දැක්ක ගමන් අදුර ගන්නව මේ කොල්ලෙක් නෙවේ කෙල්ලෙක් කියල..ඒක අහම්බයක්ද???
ජැකන් ගැන මෙතනට ඇදල ගන්න හේතුව මොකක්ද??
ඔය කිව්ව සිදුවීම් වෙන කාලසීමාවෙ සර්සි බේලිශ්ව ආර්ය හොයාගන්න කියල පිටත් කරල තිබුණෙ ඇත්තටම littlefinger ආර්යව හොයාගත්ත තමා ඒ බේලිෂ් කියන මූණෙන් නෙවේ ජැකන් කියන මූණෙන්..
අනික ජැකන් හිටපු ඒ එපි කීපයෙම බේලිශ් ගැන කිසිම සදහනක් තිබුනෙත් නෑ..ජැකන්ව අවසානෙට පෙන්නන්නෙ හැරන්හෝල්වලින් ආර්යව බේරගත්ත අවස්ථාවෙ..එතනින් ජැකන් අතුරුදහන් උනාට පස්සෙ බේලිෂ් ගැන සදහන් වෙන අවස්ථාවෙ බේලිෂ් ඉන්නෙත්
හැරන්හෝල් ලග වෝ කෑම්ප් එකකට යන ගමන්..මේ ඔක්කෙම දේවල් වලින් කියන්නෙ ජැකන් කියන්නෙ littlefinger කියා නොවේද??
ආයෙත් ජැකන් දකින්න ලැබෙන්නෙ බ්රාවෝස්වල එහෙත් අවසානෙට දකින්න ලැබෙන්නෙ ආර්ය ආපහු වෙස්ට්රෝස් යනව කියපු වෙලාවෙ එවෙලෙ ජැකන් හිනා වෙන්නෙ ඇයි හරි නම් ඒකට විරුද්ධ වෙන්න ඕන නේද...
දැන් ආපහු වින්ටෆෙල්වලට එමු..සන්ස littlefinger ට කියනව ආර්ය කියන්නෙ ෆේස්ලස් මෙන්ලගෙන් කෙනෙක් කියල එවෙලෙ බේලිෂ්ගෙ හිනාව බලන්න..ඒහෙම හිනා වුනේ ආර්ය කියන්නෙ ෆේස්ලස් කෙනෙක් නෙවෙයි කියල පොර දන්න නිසාද??
හරි දැන් ආපහු හිතල බලන්න littlefinger මැරෙන්න කලින් වෙච්ච සුදුවීම් පෙල ඒක එක පෙලට පෙලගැස්සුවම පේනව littlefinger ස්ටාක්ලව තමන්ව මරණ තත්වෙට පත් කලා කියල..නැත්නම් littlefinger කියන්නෙ අර වගේ අතේ අහුවෙන ගේම් ගහපු කෙනෙක් නෙවේනෙ.
එහෙම බැලුවොත් littlefinger කියන්නෙ තමන්ගෙත් මරණෙත් තමන්ට ඕන විදියට ප්ලෑන් කරපු ඩයල් එකක්😎..
ඒකට හේතුව මොකක්ද?? සරලයි littlefingerගෙ අතීත කතාවෙ ඇති ඇත්තටම littlefinger කියන්නෙ කවුද කියල..ඒක මෙච්චර කල් රහසක්.හැබැයි littlefinger නොහිතපු විදියට බ්රෑන් මිනිහගෙ දෙබසක්ම මිනිහටම කියනව..එතනින් littlefinger තේරුම් ගත්ත දිගටම Lord Petyr Baelish
විදියට හිටියොත් එයගෙ බැකස්ටෝරි එක බ්රෑන් දැනගනීවී කියල.ඒ අවධානම ගන්න බැරි නිසා littlefinger කරන්නෙ lord Petyr Baelish කියන චරිතෙට සමුදෙන්න තීරණය කරනව මොකද බේලිෂ් මැරුවට පස්සෙ ආයෙ බ්රෑන් අතීතෙ හාරවුස්සන් නෑනෙ.අනික අපි දන්නව
බ්රෑන්ට තාම හරියටම එයාගෙ පවර්ස් යූස් කරන්න බෑ කියල.අර රේගාර් ගෙයි ලියානාගෙයි විවාහය කවදාවත් බ්රෑන්ට දකින්න නොලැබෙන්න තිබ්බ ටාලි හිටියෙ නැත්නම් ඒ වගෙ නොදන්න දේවල් බලන්න බ්රෑන්ව තාම බැරි නිසා බේලිෂ්ගෙ බැක්ස්ටෝරි එක අපිට තවම දැකගන්න නැහැ..
ඒකෙන් පැහැදිලි වෙනව littlefinger මැරෙණ වෙලාවෙ ෆේස්ලස් මෑන් කෙනෙක් විදයට ආවට ඒක බ්රෑන්ට අදුරගන්න බැරි උනේ ඇයි කියල.
හරි ඕක තමයි තියරියෙ දෙවනි කොටස දැන් පේනව ඇති කිව්ව වගේම මේක කොච්චර පිස්සු තියරියක්ද කියල..
මේ සීසන් එකේදි සමහර විට බ්රෑන් තමන්ගෙ පවර්ස් දියුණු කරගෙන littlefingerගෙ අතීත කතාව බලන්නත් බැරි නෑ....ෆෑන් තියරියෙ නම් කියන්නෙ
අවුරුදු 8ක් පුරාවට සීසන් 8 ක් පුරාවට පෙන්වපු ලෝකයෙ දැනට බිහිවුණ විශිෂ්ටම නිර්මාණය littlefingerගෙ අතීත කතාව පෙන්නන බ්රෑන්ගෙ විශන් එකකින් සදහටම අවසන් වෙයි කියල..ඒක දැන ගන්න නම් මැයි 19 වෙනිද වෙනකන් ඉන්න වෙනව ඊට පස්සෙ තීරණය කරන්න
පුලුවන් මේ ලියපුව ගුලි කරල කුණූ කූඩෙට දානවද රාමු කරල බිත්තියෙ ගහගන්නවද කියල..

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper