සර්සිගෙ අනාවැකිය!!



මේකෙන් කියන්න යන්නෙ සර්සිට maggie the frog කියන අනාගතේ කියන මායාකාරී කියපු අනාවැකිය ගැන මේ වෙද්දි අනාවැකිවය කියපු ගොඩක් දේවල්
ඇත්ත වෙලා ඉවරයි .හරි අනාවැකියෙ කොටසින් කොටස බලාගෙන යමු.
1."You'll never wed the prince, you'll wed the king."
මේක සිද්ධ වුනානෙ සීරීස් එකේ කොහෙදිවත් සදහන් නොවුනට සර්සි බදින්න හිටියෙ රේගාර්ව සර්සි රේගාර්ට ඇත්තටම ආදරේ කරා කියල තමා කියන්නෙ ඒ වුනාට අනාවැකියෙ කීව විදියට
බැන්දෙ Prince Rhaegarව නෙවේ King Robertව..
2."You'll be queen, for a time. Then comes another, younger, more beautiful, to cast you down and take all you hold dear."
හරි මේක කිව්වම ඒ දවස්වල මතක් වෙන දෙන්නෙක් හිටියා එක්කෙනෙක් මාජරි අනිත් කෙනා ඩැනී මාජරී ටොමෙන්ව බැදල queen වුනත් වැඩිකලක් ඉන්න උනේ නෑ එයාට අනාවැකියෙ කියල තියන විදියට
එයාට සර්සිගෙ හැමදේම ගන්න පුලුවන් උනෙත් නෑ.අනික අපි ඒ අවස්ථාවෙ මේ කියන්නෙ මාජරී ගැන කියල හිතුවට මේ කොටස ආයෙ කියවල බලන්න.. "You'll be queen, for a time. Then"
එතකොට තේරෙයි මේ කියන සර්සි වඩා වයසින් අඩු ලස්සන රැජිණ එන්නෙ සර්සි රැජින උනාට පස්සෙ කියල..රොබර්ට්ගෙ කාලෙ සර්සි රැජින විදයට හිටියත් ඇත්තටම වෙස්ට්රොස්වල පාලකයා උනේ නෑ ජොෆ්රිගෙ කාලෙ,
ටොමෙන්ගෙ කාලෙ සර්සි රැජින නෙවෙයි රජුගෙ අම්ම විදියට හිටියෙ සර්සි ඇත්තටම රැජින වුනේ ටොමෙන්ගෙන් පස්සෙ ඒ කියන්නෙ මේ අනාවැකියෙ කියන රැජිණ මාජරි වෙන්න විදියක් නෑ..කොහොමටත් මාජරි දැන් නෑනෙ
එහෙනම් ඉතුරු වෙන්නෙ ඩැනී ඒ කියන්නෙ maggie the frog දැකපු අනාගතේ හරිනම් ඩැනී සර්සිට අයිති හැමදේම අරගන්නව..සර්සිට අයිති මොනවද දැනට නම් අයන් ත්රෝන් එක
හැබැයි "take all you hold" කියන්නෙ නිකන්ම ත්රෝන් එක විතරක් නෙවේ සර්සිට අයිති හැමදේම නම්බු නාම.ආදරවන්තයා/සහෝදරයා පවා අරගන්නව කියන එක වෙන්න පුලුවන්.
ඒ කියන්නෙ ඩැනී ජේමිවත් අයිති කරගන්නව කියන එකද..අයිති කරගන්නව කියන්නෙ මරනව වෙන්නත් පුලුවන් නැත්නම් ඩැනීගෙ පැත්තට නම්මගන්නව වෙන්නත් පුලුවන්
ඒක නම් වෙන්න ඉඩ අඩුයි ඒක එහෙම වෙන්න පුලුවන් සර්සි මෑඩ් කිංගෙ female version එක මෑඩ් ක්වීන් බවට හැරුනොත් දැනට සර්සි ඒ ලක්ෂණ පෙන්නුම් කරමින් ඉන්නව මෑඩ් කිංග්ට පස්සෙ වයිල්ඩ්ෆයර් පාවිච්චි කරල තමන්ගෙ සතුරන්ව
පණපිටින් පිලිස්සුවෙ සර්සි..සර්සි මෑඩ් ක්වීන් උනොත් ජේමිට ඩැනීව තෝරගන්න වෙයි සමහර විට..හැබැයි ඩැනී තමන්ගෙ තාත්තට පිටිපස්සෙන් ඉදල කඩුවක් බස්සපු කිංග්ස්ලේයර්ට තමන්ගෙ පැත්තට එන්න කියල කතා කරයි කියල නම් හිතන්න අමාරුයි ටිරියන් මැදිහත් වෙලා
මොනව හරි නොකරොත් ඇරෙන්න..
3."The king will have 20 children and you will have three. Gold will be their crowns . . . gold their shrouds."
මේක නම් දැනටම සිද්ධ වෙලා ඉවරයි..රොබට් ට හැමතැනම ලමයි ඉන්නව හැබැයි සර්සිට ඉන්නෙ ලමයි 3දෙනෙක් විතරයි තුන්දෙනාම අනාවැකියෙ කියපු විදියට රත්තරන් මිනී ඇදුම්තුත් ඇන්ද.
හැබැයි දැනට සර්සි කියන විදියට සර්සිට තව ලමයෙක් හම්බ වෙන්න ඉන්නව අනාවැකියෙ විශේෂ කරලම කියනව "you will have three" කියල ඒක හරිනම් සර්සිට තව දරුවෙක් ලැබෙන්න විදියක් නෑ එක්කො ප්රෙග්නන්ට් කියන එක සර්සිගෙ බොරුවක්
නැත්නම් ලමය ලැබෙන්නත් කලින් සර්සි මැරෙයි..
හරි ඔය කිවේ හැමෝම දන්න ටිකනෙ මේ අනාවැකියෙත් පොතේ තියන ෂෝ එකේ පෙන්නපු නැති කොටසක් තියනව.සර්සිගෙ අනාගතේ ගැන හිතද්දි ඒ කොටස ගොඩක් වැදගත් වෙනව..
4."And when your tears have drowned you, the Valonqar shall wrap his hands about your pale white throat and choke the life from you."
මේකෙන් කියවෙන්නෙ සර්සි මැරෙන විදිය ගැනනෙ නමුත් ඊට කලින් කියනව when your tears have drowned you ඒ කියන්නෙ මැරෙන්න කලින් සර්සි එයාගෙ කදුළු ගංගාවක ගිලෙනව කියන එක මේ කියන්නෙ අර ලමයි තුන්දෙනාගෙ මරණ නිසා වගුරපු කදුල ගංගාව ගැනද
නැත්නම් ඉදිරියෙදි වෙන්න තියෙන කදුළු වැගිරීමක් ගැනද?? දැන් තියන දේවලින් සර්සිට කදුලු වගුරන්න තරම් දෙයකට තියෙන්නෙ ජේමිගෙ මරණය.එහෙම නැත්නම් අර ලැබෙන්න ඉන්නවා යැයි කියාගන්නා ලමයගෙ මරණය..සර්සි ප්රෙග්නන්ට් කිව්වට තාම ෂූවර් නැති නිසා දෙවනි එක දැනට අමතක කරමු.
ජේමිව අහිමි වීම (මරණය හෝ අර උඩින් කිව්ව විදියට ද්රෝහි වීම) තමයි සර්සිට අනාගතේ කදුළු වගුරවන්න වෙනවනම් වෙන්න තියන දේ..
ඊලග කොටස තමයි වැදගත්ම කොටස "the Valonqar shall wrap his hands about your pale white throat and choke the life from you"
වැලේරියන් භාෂාවෙන් Valonqar කියන්නෙ "little brother",පොඩි සහෝදරය කියන එකට.සර්සිගෙ පොඩි සහෝදරය කිව්වම මතක් වෙන්නෙ ඉතින් one and only ටිරියන්..ටිරියන්ම කියනව සර්සිව මරන්න හිතපු වාර ගණන ගණන් කරන්වත් බැරි තරම් කියල.
ඉතින් ඒ ගණන් කරන්න බැරි වාර ගණන + 1 වෙනි වාරෙදි ටිරියන් ඇත්තටම සර්සිව මරයිද මේ අනාවැකිය අනුව..
එහෙම නෙවේ නම් ඉන්න අනිත් සහෝදරය පැත්තට හැරෙන්න වෙනව..ජේමි..ජේමි සර්සිව මරයිද මොනම හේතුවක් උඩ වුවත්. ජේමි කියන්නෙ එකපාරක් පිස්සු රජෙක්ව මරපු කෙනෙක් ඒකම ආයෙත් කරයිද ජේමි..හැබැයි මේ සැරේ රජෙක් නෙවෙයි රැජිනක්..
නමුත් ඒ තමන්ගෙ සහෝදරිය/ආදරවන්තිය..සර්සි මෑඩ් ක්වීන් බවට පරිවර්තනය වුනොත් ජේමි රාජධානිය වෙනුවෙන් තමන්ගෙ ආදරණීය සහෝදරිය මරයිද??
ඒක එහෙම වුනොත් x-men the last stand චිත්රපටය අවසානයේ වුල්වරින් ලෝකය බේරගැනීම වෙනුවෙන් dark pheonix බවට හැරුණ තමන්ගෙ ආදරවන්තිය ජීන් ග්රේව "not for them for you" කියල මැරුව වගේ සීන් එකක් නැවතත්
අපිට බලාගන්න පුලුවන් වෙයි..
"everybody wants to know their future
until they know their future"

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper