ගොන් වැඩ කිරීම කලාවක් නම් ස්ටාක්ලා එහි පිකාසෝලා වේ..



අවවාදයයි!! හුදෙක්ම ආතල් පෝස්ටුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න..
1.Lyanna Stark
කාටත් හොරාට රේගාර්ව කසාද බැන්දා..ඒක කමක් නෑ කියමුකො..
ඒත් ඒ බව තමන්ගෙ පවුලටවත් කිව්වෙනැති නිසා මුළු සත්රාජධානියම යුධ පිටියක් වෙලා කී දෙනෙක්ට මැරෙන්න උනාද..
2.Brandon සහ Rickard Stark
උඩ කියපු එක්කෙනා කරපු ගොන් වැඩේ ප්රත්ඵල තමයි ඉතින්..
යුක්තිය සාධාරණය ඉල්ලන්න මෑඩ් කිංග් ගාවට යනව කියන්නෙ මොලේ ඇති වැඩක්ද??
3.Eddard Stark
සර්සිගෙ ලමයි රොබට් ට දාව ඉපදුන අය නෙවෙයි කියල හොයා ගත්ත..
හැබැයි ඒකට මොලේ තිබ්බට වැඩක් නෑ සුපුරුදු stark මෝඩකම මතුවෙලා මනුස්සකමට සර්සිට කියන්න ගිහින් නිරපරාදෙ මැරුම් කෑවා..
4.Catelyn Tully
stark කෙනෙක් නොවුනත් අවුරුදු ගාණක් ස්ටාක්ල එක්ක ජීවත් වෙලා stark මෝඩකම ඔලුවට ගහල ජේමිව නිදහස් කරා..
5.Robb Stark
කාස්ටාක්ට මරණ දඩුවම දීලා ආමි එකෙන් බාගයක් නැති කරගත්ත..
ඒ විතරක් නෙවේ ෆ්රේට දීපු පොරොන්දුව අමතක කරල පිටරට නැටිච්චියෙක් බැදගත්ත නිසා කැතම විදියට මැරෙන්න සිද්ද උනා..
6.Bran Stark
තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නැතුව අනුන්ගෙ මගුලවල් බලන්න ගිහින් බිම වැටිල අබ්බගාතයෙක් උනා..
කොහොම උනත් මැරුනෙ නැති නිසා එන සීසන් එකේ තව ගොං වැඩ කරන්න ඉඩ තියනව
7.Rickon Stark
ඉතිහාසයේ හිටපු මෝඩම ස්ටාක් මූ වෙන්නැති කෙලින්ම දුවන්නැතුව සිග් සැග් විදයටවත් දිව්වනං සමහර විට මේ වෙද්දි පණපිටින් ඉන්න තිබ්බ..
8.Sansa stark
පොඩි කාලෙ ඉදන්ම ගොං වැඩ කරල පලපුරුද්ද තියන කෙනෙක්..
අවස්ථාව ලැබුන වෙලාවෙ බ්රියෙන් එක්ක යන්නෙ නැතුව බේලිෂ්ව විශ්වාස කරල ගිහින් රැම්සිගෙ සෙල්ලම් බඩුවක් වෙන්න සිද්ධ උනා..
කොහොම උනත් මැරුණෙ නැති නිසා එන සීසන් එකේ මෝඩ වැඩ කරන්න ඉඩ තියනව.
9.Arya stark
කියන්න තරම් මෝඩ වැඩ කරල නෑ තාම..
10.Theon Greyjoy
එකින් එක කියන්න ඕන නෑ.කරපු තරමක් කරේ ගොංකම්
stark කෙනෙක් නෙවෙයි උනත් ස්ටාක්ල එක්ක ඉදලම මෝඩකම ඇගට ඇවිල්ල කියන්න පුලුවන් හැබැයි මූ නං උපතින්ම ගොං හරකෙක් නිසා ස්ටාක්ලට මොකුත් කියන්න බෑ ..
11.Jon snow
ආහ්.. මෙයා..මෙයා කිසිම දෙයක් දන්නෙ නෑ..
අපහාසයට නොව උපහාසයට පමණි

Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper