ලප්ලාස්ගේ යක්ශයා

Physicsවල ප්‍රධාන වශයෙන් framework දෙකක් තියනවා, Classical Mechanics සහ Quantum Mechanics. ක්ලැසිකල් මෙකැනික්ස්වල මූලිකම පදනම විදියට නිව්ටෝනියන් මෙකැනික්ස් ගන්න පුලුවන්. එතනින් එහාට ලග්‍රාන්ජියන් මෙකැනික්ස්, හැමිල්ටෝනියන් මෙකැනික්ස් වලිනුත් ක්ලැසිකල් සිස්ටම්ස් ගැන කතා කරනවා. අධික වේගයන් වලට යද්දි විශේෂ සාපේක්ෂතාවදයත් අධික ස්කන්ධයන් වලට යද්දි සාමාන්‍ය සාපේක්ෂතාවදයත් පාවිච්චි කරනවා. මේ ඔක්කොම ක්ලැසිකල් මෙකැනික්ස් ෆ්‍රේම්වර්ක් එක ඇතුලෙ තමයි පැහැදිලි කරන්නෙ. ක්ලැසිකල් මෙකැනික්ස්වල ප්‍රධානම අදහස තමයි ඕනම පද්ධතියක යම් මොහොතක පිහිටීම, ප්‍රවේගය, ගම්‍යතාව වගේ රාශීන් සහ ඒ පද්ධතිය මත ක්‍රියාකරන බලයන් දන්නව නම් අපිට පුලුවන් ඊලග මොහොතෙ ඒ පද්ධතියෙ පිහිටීම, ප්‍රවේගය වගේ රාශීන් ගණනය කරන්න. එහෙම ගණනය කරන්න අවශ්‍ය වෙන සිද්ධාන්ත, නීති මේ එක එක වාදවලින් දීලා තියනවා. යම්කිසි අංශුවක මේ මොහොතේ ප්‍රවේගය, පිහිටීම එක්ක ඒ මත ක්‍රියාකරන බලයන් දීලා තියනව නම් අපිට පුලුවන් ඊලග මොහොතේ නැත්නම් තව තප්පර 5කින් ඒ අංශුවෙ පිහිටීම හරියටම ගණනය කරලා කියන්න. ඒ එක අංශුවක. දැන් මුලු විශ්වයම ගැන හිතුවොත් වි...