Happy birthday අයින්ස්ටයින්!

මේ සැරේ General relativity course එකට ඕන නිසා Special relativity බලාගෙන යද්දි මට මතක් උන අපේ GR කරපු ලෙකත් කියපු කතාවක් තමයි අපේ මිනිස්සු තාම මේ relativistic idea එක හරියට ඔලුවට දාගෙන නෑ කියනෙක. මොන මොන දේවල් කතා කරත් තාමත් ඔලුවෙ ඇතුලෙන්ම පැලපදියම් වෙලා තියෙන්නෙ අර absolute space, absolute time එකක් ගැන අදහස. සාමාන්‍යයෙන් physics ගැන උනන්දුවක් තියන මොකක් හරි අදහසක් තියන මිනිස්සු එක්ක කතා කරද්දි උනත් ගොඩක් අයගෙ fundamentally තියන untouchable අදහස තමයි කාලය, අවකාශය නිරපේක්ෂයි කියනෙක. සමහරවිට අපිට අවුරුදු 13ක් විතර තිස්සෙ උගන්නලා උගන්නලා ඒ නිව්ටෝනියන් ක්ලැසිකල් mindset එක පොඩි කාලෙ ඉදන් හදපු නිසා වෙන්න ඇති ඒකෙන් එලියට එන්න එච්චර අමාරු. අනික අපේ experience එකෙන් ගත්තත් අවකාශය කෙසේ වෙතත් කාලය කියන්නෙ untouchable අපිට manipulate කරන්න බැරි මේ නිකන් හෙන අත්භූත sacred දෙයක්නෙ. අයින්ස්ටයින් STRවලින් ගේන්නෙ ප්‍රධාන අදහස් දෙකක්. එකක්, හැම අවස්ථිතික සමුද්දේශ රාමුවකම (ත්වරණය වෙන්නෙ නැති reference frames) හැම භෞතික විද්‍යා නියමයක්ම සත්‍යයි. දෙවනි එක ආලෝකයේ ප්‍රවේගය නියතයක් ක...