Posts

Showing posts from September, 2022

Duality of Daemon Targaryen

Image
ඩේමන් ටාගේරියන් දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ මගේ personally  කැමතිම කැරැක්ට එක. ඩේමන් කලු සුදු මිශ්‍ර ඒ කියන්නෙ grey චරිතයක් විදියට වෙස්ට්‍රොස්වල කූප්‍රකටයි. GRRMගෙන් ඉන්ටවීව් එකකදි ඔහුගෙ කැමතිම ටාගෙරියන්වරයා විදියට හදුන්වන්නෙ "The Rogue Prince" ඩේමන් ටාගෙරියන්ව. HOTD සිරීස් එකේ දැනට ආපු එපිසෝඩ්ස් දෙකේ ඩේමන් සම්බන්ධ හැම සිද්ධියකදිම වගේ දකින්න පුලුවන් දෙයක් තමයි ඔහුගේ මේ කලු සුදු මිශ්‍රණය, එකම කාසියෙ දෙපැත්ත, Duality එක. City Watch, Gold Cloaks army එක පාවිච්චි කරල Judge, Jury and Executioner තුනම තමන් වෙලා King's Landingවල අපරාධකරුවන්ට දඩුවම් දීම ගත්තොත්, මෙතනදි ඩේමන්ගෙ අරමුණ ඇත්තටම හොද එකක් නමුත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔහු තෝරගත්ත මාර්ගය කලු එකක්. එක පැත්තකින් ඔහු  රජුගේ තරගාවලියට රාජධානිය වටෙන්ම එන අමුත්තන්ගෙ ආරක්ෂාව ගැන හිතපු වීරයෙක් අනිත් පැත්තෙන් තමන්ගෙ හිතුමතේට සාමාන්‍ය මිනිස්සුන්ව අබ්බගාතයන් කරන, මරන දාමරිකයෙක්. ආයෙ වැදගත් සිද්ධියක් තමයි එමා රැජිනගෙ සහ බේලොන් කුමාරයගෙ මරණවලට ඩේමන් පෙන්නන ද්විත්ව හැසිරීම. මුල ඉදන්ම අපිට දකින්න පුලුවන් ඩේමන් සහ රෙනේරා අතර තියන විශේෂ ලෙන්...