Posts

Showing posts from June, 2021

Interstellar, Tesseract සහ දෛවය

Image
Interstellar ෆිල්ම් එකේ තිය න ටිකක් සංකීර්ණ වගේම ෆිල්ම් එකෙ කතාවට ඉතාම වැදගත් දෙයක් තමයි මේ tesseract එක. කූපර් කලු කුහරය හරහා ගිහින් එක පාරටම නවතින මර්ෆ්ගෙ කාමරයෙ සිද්ධි වලින් වටවුන cube එක වගෙ දෙය තමයි මේ  ටෙසරැක්ට් එක කියල හදුන්වන්නෙ.  කතාවට අනුව මේක හදල තියෙන්නෙ පස්මාන ජීවීන් කට්ටියක් විසින්. මනුෂ්‍ය වර්ගයාව වදවීමෙන් බේරගන්න ජීවය පවත්වාගෙන යන්න පුලුවන් අලුත් ලෝකයක් හොයාගන්න උදව්වෙන විදියට  සෙනසුරු ග්‍රහලෝකෙට ආසන්නයෙ වෝම් හෝල් එකක් හදන්නෙත් මේ කට්ටියම තමා. මනුෂ්‍ය වර්ගයා අලුත් ලෝකෙකට ගෙනියන  වැඩපිළිවෙළේ පලවෙනි පියවර තමා වෝම්හෝල් එක. වෝම්හෝල් එකෙන් විශ්වයෙ වෙනම තැනකට, අලුත් සෞරග්‍රහ මණ්ඩලයකට කූපර් ඇතුලු කට්ටියව අරන් යනවා. ඒ වැඩපිළිවෙළේම එක පියවරක් තමයි කූපර් සහ ටෙසරැක්ට් එක. කූපර්ව මේ ටෙසරැක්ට් එකට දාන එකෙ අරමුණ තමා කූපර්ට මේ ගමන එන්න මුල උන නාසා එකේ කෝඩිනේට්ස් ඔහුට ලැබෙන්න සලස්වන එක.  මේ සිද්ධිය හරියට අර ග්‍රෑන්ඩ්ෆාද පැරඩොක්ස් එක වගේ. කූපර් මේ ටෙසරැක්ට් එක හරහා ගිහින් කෝඩිනේට්ස් යවන නිසා තමයි කොහොමෙන් කොහොම හරි කූපර් ඒ කෝඩිනේට්ස් යවන්න ටෙසරැක්‍ට් එකට එන්...